2012-12-19

දරුවෙකුට වාගේ සලකන්නං





ලසන්ත මගේ පරණ මිත්තරයෙක් . දැනටත් හම්බුනහම එන්නං මචං යන්නං මචං කියලා යනවා.ඒ දවස්වලනං ඌට මට වඩා එකෙක් හිටියේ නැ , දැන්නං ඌ මට වඩා හොදට ඉන්න හින්දද , මම මජං නාගන ඉන්න හන්දාද මන්දා ''එන්නං මචං යන්නං මචං'' වෙලා.
 ඒ උනාට ඉස්සර එහෙම නැ . 
මම අදුරන ගෙදරක් හිතවත් කමට වයරින්ග් කරලා දිලා . ඒ මනුස්සයා මට දුන්න රුපියල් දාහෙන් හොද කලිසමක් නෑනේ  කියලා හිතලා මම මහගත්ත කලිසමත් , ගෙදර අරගන එන ගමන් ඕකට දුන්නා, 

''කොහෙද බං ගියේ''

''කලිසමක් මහන්ඩ දුන්නා ඒක ගේන්ඩ''

''උඹ දෙයියෙක්නේ බං මම මේ කාගෙන්ද කලිසමක් ඉල්ලා ගන්නේ කියලා හිත හිතා උන්නේ''

''අනේ පල ඩෝ යන්ඩ , මටත් අදින්ඩ කලිසමක් නැති හන්දා මේක මැහුවේ , මම එක දවසක් වත් අදින් නැතුව උඹට දෙන්ඩ . එහෙනං නාලා වරෙන්''

''එහෙම කරන්ඩ එපා බං මම දැන් දවස් ගානක් එකම කලිසම ඇදගෙන ගියා අරකිව බලන්ඩ, ඔය කලිසම හෝදන්නේ නැද්ද කියලත් ඇහුවා, මම ඒ කලිසමට කැමතියි කියලා ෂේප් උනා, මම හෙට විතරක් ඇදලා දෙන්නං දියංකෝ''

2012-12-11

දැන් කාලේ හැදෙන එකාලා




මාරයගේ අළුත් පෝසට් එක කියෙව්වට පස්සේ මට මතක් උනා පරණ සිද්ධියක් . දරුවන්ට හැම දෙයක්ම පොඩි කාලේ ඉදලම කියලා දෙන්න ඕන , නිදහස දෙන්න ඕන . කියලා විශ්වාස කරපු කෙනෙක් තමයි අපේ ලොකු අක්කා , දැන්නං එයා අකාලේ මියගිහිල්ලා ගොඩක් කල් ,

එයාට ඉන්නේ කොල්ලොම දෙන්නෙක් , අම්මා මැරෙනකොට උන් දෙන්නා පොඩි කොල්ලෝ , දැන්නං ලොකු කොල්ලො , එකෙක් නං තාම ඉස්කෝලෙත් යනවා . නෑදෑයෝ නං උන් දෙන්නට එක එක එව්වා කියුවා උනත් මම නං හිතන් නැ උන් නරක එවුන් කියලා .හැබැයි දෙන්නගේ සමගියක් නැති එකනං මට දිරවන්නේ නැ , අම්මා නැති උනාට පස්සේ දෙන්නට ඕනවටත් වඩා නිදහස නං ලැබුනා ,

උන් දෙන්නම අටම්පහුර බලනවා . , තැන් කිහිපයක කමෙන්ට් කරලා තියනවත් මම දැක්කා , අක්කා උන්ව හදපු විදිහ හොදද නරකද කියලා ම‍ට තේරෙන් නැ, හැබැයි උන්දෙන්න නැවුම් විදිහට හිතන  හැමෝ එක්කම කතා බහ කරලා ඉන්න,  ඕනම දෙයක් ගැන නොසගවා කතා කරන මම කැමති විදිහේ පොරවල් වෙලා කියලනං මට හිතෙනවා ,

පොඩි අක්කගේ කොල්ලත් හොද එකා ,
 ඌත් පුල් ඕපන් බුවා , මිනිහා දැම්මම ඉදන් සිරාවට හිතන්ඩ අරගන කියලා මට හිතෙනවා ,

2012-12-01

කාටවත් හිල් කරන්ඩ දෙන්ඩ එපා


මේ මට ගිය සතියේ සිද්ධ උන  සිද්ධියක් , මිට කලිනුත් කිහිපවිටක් මේවාගේ දේවල් වෙලා තියන හන්දා මේ ගැන ලියුවොත් හොදයි කියලා හිතුනා ,

මහන මෙෂින් ගැන ලියන එව්වා අටම්හරුප බලනවා වාගේ දාහක් හමාරක් නොබලන බව නං මම හොදට දන්නවා , සමහරක් රසිකයෝ

....... මගුලක් ලියනවා  ඉදගන  ආතල් කතාවක් ලියන්නේ නැතුව ''

කියලත් කියනවා කියලා මම දන්නවා

ඒ උනත් අටම්පහුර ලියන්ඩ පටන් ගන්න කොට මම මෙෂින් ගැන ලියනවා කියලා මගේ හිතේ තිබුනා , ඉස්ඉස්සෙල්ලා ආතල් කතන්දර ලිය ලියා ඉන්න කොට හිතපු නැති විදිහට මම ලියන එව්වා බලන්ඩ කට්ටිය ආපු හන්දා එව්වාම ලිය ලියා හිටියා ,

ඊට පස්සේ මහන මැෂින් ගැන ලියන්ඩ නේද මම මේක පටන් ගත්තේ කියලා මතක් උනා . පස්සේ මෙෂින් ගැනත් ලියන්ඩ පටන් ගත්තා,

මුලදිනං

'' අටමෝ මේක නං හොදයි මෙව්වා නැන්දම්මට ,මට . අම්මට , අපේ ආච්චිට වටිනවා, දැනුම බෙදාගන්න එක වටිනවා , අරකද මේකද ''

කියලා කමෙන්ට් වැටුනා

දැන්නං මෙව්වා බලන කට්ටි හරිම අඩුයි

ඒ උනාට අටමා මෙව්වා දිගටම ලියනවා , මොකද දන්නවද , මහන මෙෂින් ගැන ලියන වෙන කව්රුවත් සීංහල බ්ලොග් ලෝකයේ නැති හන්දා

2012-11-26

යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට




අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය සම්බන්දයෙන් අටමගේ මතය තමයි , ඔව්වා කොරලා පලක් නැ කියන එක, 

අටං ගොයියා ඉතින් බුද්ධාගං කාරයනේ, බොහොම ආසාවෙන් දහම් පාසල් එහෙම ගිහිං බණ දහං එහෙම ඉගන ගෙන තියන එකා , අවසාන විභාගෙට නං ඉද ගත්තේ නැ , 

දහම් පාසල් ගුරුවරයෙක් වෙච්ච බෝතල් පත්තර කාරයෙක් හන්දා , ( ඕකට කියන්ඩ නමක් මට හිතා ගන්ඩ බැ) වල් බල්ලා මගේ කෙල්ලව රවට්ටලා උදුරා ගත්ත හන්දා මම අන්තිම මාස කිහිපය දහම් පාසල් නොගිහිං අත ඇරියා, ‍

අටමා කරුමෙ තදින්ම විස්වාස කරනවා, අපි පෙර ආත්මවලදි කල  කුසල් සහ අකුසල  නිසා තමයි  අපිට මේ ආත්මයේ ලැබෙන දුක් සැප තීරණය වෙන්නේ , 

එහෙම තියෙද්දි  යන්තර මන්තර සෙත් ශාන්ති කොරලා බෝධි පූජා කොරලා මොකටද නිකං පව ඇරියස් කොරගන්නේ අපේ අලේ අංකල් කියුවා වාගේ,

අපි කොරපුවා අපේ පස්සෙන් එනවා ආත්මයක් ආත්මයක් ගානේ , ඉතින් එහෙම තියෙද්දි මොකටද ඔව්වා කරලා  මේ ආත්මයට විතරක් ඇපයක් දාගන නිකං ඊලග ආත්මේ ඇරියස් එක්ක ගෙවන්නේ
අධික කාම ආසාව හන්දා  අහල පහල බැදපු මිනිහෙක්ට  වශී ගුරුකමක් කොර ගන්ඩ හදපු දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ට වෙච්ච සිද්ධියක් තමයි අද මම කියන්න යන්නේ

ඉස්සර කාලයක මට හිටියා මිත්තරයෙක් , මිනිහා මට වඩා වසර කිහිපයක් වැඩිමහල් , රස්සාව විදිහට කලේ යන්තර මන්තර ගුරුකං , මිනිහා අද හිතා ගන්න බැරි තැනක ඉන්න හන්දා මම ඌ ගැන වැඩිය කතා නොකර ඉන්නං ,  කතාවනේ අපිට වටින්නේ ඒ යකාගේ අල ගිය මුල ගිය තැන් මොකටද නේද,


මං ඒ කාලයේ අධික ලෙස ගංජා පානයට හුරුවෙලා හිටියා , (දැන් නං නැ , නවත්තලා ගොඩක් කල්) , ඔය යාළුවගේ ගෙදර හිටියේ අයියා සහ ඌ විතරයි , අයියා සිකරට් එකක් වත් නොබීවාට මොකද , මල්ලි සියලු දුරාචාර අයියාටත් එක්ක ඉෂ්ඨ සිද්ධ කොලා ,

වැඩිහිටියෝ නැති ඒ ගෙදර අපිට දවල් වරුවට මලක් ගහන්ඩ කියාපු පොට් එකක් වෙලා තිබ්බා ඒ කාලේ ,  අතේ සල්ලි නැති වෙළාවට මලක් අරගන නොගියත් යාළුවාගේ ගබඩාවේ තිබ්බ බාගෙට වේලිච්ච කොළ පාට ඉස්තරම් එව්වායෙන් සංග්‍රහ කරලා වැඩි සීනි ප්ලේන්ටියකුත් අනු පානයට දෙන තරමටම ආගන්තුක සත්කාරයේ කෙල පැමිණි පොරක් තමයි ඔය කියන යාළුවා,

2012-11-11

මහත්තයට කියන්නැ



අද කතාව මම දන්න ( තරමක් මිතුරු ) කමල් කියලා මේසන් බාසුන්නැහේ  කෙනෙක් තමයි කියුවේ . මිනිහට ඉතින් නිකම්ම බාස් කියලා කියන්නත් බැ, බාස් මුදලාලි කනෙක් , කොන්තරත් වැඩ තමා කරන්නේ, කොන්කීට් මික්ස්චර් , වයිබ්රේටර් . පලංචී සෙට් , පොළව තලන අර පැන පැන යන එව්වා , කැන්ටර් ලොරියක් එහෙම තියන ටිකක් විතර පෝසතා,  මිනිහා ගාව වැඩ කරන අය ගොඩ දෙනෙක් මිනිහාගේම නෑදෑයෝ , මිනිහගේ වැඩබිම්වලට ගියහම නොදන්න උන්ට හරි අමුතුයි ,


''බාප්පේ  බුලත් කොලයක් දෙන්නඩකො''
                                                  
                                                   ''උක්කුං පුතේ තව කොට්ටයක් අනන්ඩද''

''හිච්චි මලේ මොකද බං මේ බදාම වේලිලා''

''ලොකු අම්මට කොන්ද රිදෙනවා කියලා උයන්ඩ බැ කියුවා බං , අද ඉතින් කඩෙන් තමා''

'' කමල් අයියා එන්ඩ අදත් පරක්කු උනොත් රැට ගෙදරටවත් ගිහිල්ලා වියදං සල්ලි ගන්ඩ වෙනවා මාමේ , කොල්ලගේ පොත් වාගයක් ගන්ඩත් තියනවා''

ඔන්න ඔහොමයි වැඩේ යන්නේ , හරියට පවුලේ වැඩක් අත්තමට කරනවා වාගේ 

ටික කාලෙකට කලින් කමල්ට සෙට් උනාලු  රට ගිහිල්ලා ඇවිත් වෙන්දේසි ඉඩමක ගෙයක් හදන පොරකගේ වැඩක් කරන්ඩ . මේ නෑදෑ පරපුර දක්ෂයෝ හන්දා ගෙදර මහත්තයත් හරියට සන්තෝෂ උනාලු  කමල්ලා මේ වැඩේ කරගන යන විදිහ ගැන , 

කොහොම හරි ස්ලැබ් එක දාලා . ජනෙල් දොරවල් හයි කරලා , ඇතුල කපරාදු කරනකොට මහත්තයාගේ සන්තකයේ තිබිච්ච සල්ලි ඉවර උන හන්දා ගෙදර වැඩ නවත්තපු මහත්තයා , නෝනවයි , පොඩි දරුවෙක් වෙච්ච පුතාවයි ඒ ගෙදර නවත්තලා , රට යන්ඩ තීරණය කරාලු .

ඒ යන්ඩ දවසකට දෙකකට කලින් කමල්ට එන්ඩ කියලා පොඩී ඩීන්ක් එකක් එහෙමත් දුන්නාලු, පොඩි කියුවට ඕකා ඇදලා අරින්ඩ ඇති අෂෝක ෂෝට් හත අටක්වත් , සල්ලි වියදං කොරලා නොබිව්වට  නිකන් දුන්නොත් කසිප්පු හරි කෙලලා අරින එකානේ, ( කමලා මේ ආත්මෙට ඉන්ටර්නෙට් එයි කියලා හිතන්ඩ බැරි කොට මම මොකටද භය වෙන්නේ )

''කමල්  මම ගිහිල්ලා සල්ලි එවන්නං , ඔයා මැදිහත් වෙලා හොයලා බලලා මට මේ වැඩ ටික ඉවර කරලා දෙන්ඩ ඕන හරිද''

2012-10-20

ඇස්වහ කටවහ



දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො මල්ලො ඉන්නවා කියල යෑ , පෙගිච්ච හුළං විස්කෝත්තක් උස්සගන ආවත් රසයි කියන කාලෙනේ, දෙන්න එක්ක දෙකට බෙදාගන  අඹරල දානවා ඉතින්. ගෙනාවේ නැතත් අවුලක් නැ ඉතින් , කරදරයක් නැති ගෑණිනේ .



දැන්නං ඉතින් උන්දැට රස කෑමක් , පලතුරක්  කන්ඩ ලැබෙන්නැ , පොඩි උන් දෙන්නටම ගිල්ලන එක තමා වැඩේ . උන් දෙන්නා කෑවේ නැතත් ඔහේ මේසය උඩ වේළි වේලි තිබිලා විසික් කරත් මේ ගෑණි නෙමෙයිනේ කන්නේ. 



බත් කන කොටත් ඔය සෙතේම තමා ඉතින් , ලොකු කෑලි දෙක තුනක් කෙල්ලෝ දෙන්නගේ බතට පොඩි කරන්ඩ තියලා , ඊ ලගට හොද ලොකු කෑලී දෙකක් මට බෙදලා , බත් එකට ඇබින්දං හං  කෑල්ලක් බෙදාගන කනවා දකින කොට තමා මම කාපුවා පිච්චිලා යන්නේ. ඒ මදිවට පහුවදා වැඩට ගිහින් මට ගැට ගහලා දෙන බත් ගෙඩිය දිග ඇරියහම තමා ඉතින් කුණුහාරප එන්නේ මගේ කටට. ඇයි යකෝ තව තඩි මාළු කෑල්ලක් බත් එකේ .



කතා කරලා බණින කොට ඉතින් හම්බෙනවා හොද උත්තරයකුත් 



'' නැ ලොකු මේ දෙන්නට බත් කවලා මටත් කෑල්ලක් ඉතුරු උනා , මම බත් කාලත් දැන් ගොඩක් වෙලා ඔයා දැන්ද බත් කන්නේ''



ඇ ඕයි තලපත් පන්සීයක කොහෙද ඔච්චර කෑළි කියලා අහන්ඩ හිතුනත් මම එහෙම කවදාවත් ඇහුවේ නැ , 



මොකද දන්නවද , මම දන්නවා මේකි මටයි මගේ දරු දෙන්නටයි කොච්චර ආදරෙයිද කියලා.



අපේ අම්මවත් මට මෙච්චර ආදරේ නැද්ද කොහෙද



‍ඉදලා හිටලා ගෙදර ඉන්න දවසටත්  ඔය සෙතේම තමා



''මොනවද චුටී අපරාදේ මෙව්වා නිකං වේලිලා විසික් කරනවා ඔයාවත් කන්ඩකෝ''

2012-10-13

වැරදි ඉදිකටු වැරදි පැත්තට දැමීම , The wrong needle is the wrong side



මහන මෙෂින් ගැන ලියන්ඩ ගත්තාට ටිකක් අමාරු වැඩක් කියලා දැන් මට හිතෙනවා. මොකද දන්නවද . නොදන්න කෙනෙකූට මේක ටිකක් ග්‍රීක් වගේ කේස් එකක්.  

කොම්පියුටරයකට         රැම් එකක් ගහනවා වාගේ, සොප්ට්වෙයාර් එකක් ඔබනවා වාගේ මේක ලේසි නැ ඔලුවට දාගන්ඩ. මෙෂින් එකින් එකට , උපාංග සහ ක්‍රමවේදය වෙනස් තරමක් දුරට

මෙහෙම හිතමුකෝ

ඔයාලට සිංගර් නෝමල් මෙෂින් එක කියපුවහම  පැනපු ගමන්

'' ආ මම දන්නවා අර කළුපාට ආච්චිලාගේ කාලේ මැසිමනේ ''

ඔක්කොම කළුපාට මෙෂින් උනාට ඔව්වා එකින් එකට වෙනස්

එක් එක් රටවල්වල නිෂ්පාදනය කරන ලද මෙෂින් වල සමහරක් කොටස් වල වෙනස්කම් දකින්න පුළුවන්, කළුපාට නොමල් මෙෂින් වෙළද නාමයන් විශාල ප්‍රමාණයක් යටතේ  දකින්න පූළුවන් 


තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් 

" අනේ ඕක මොකක්ද මෙයා ඉදිකට්ට දාන එක මහලොකූ වැඩක්ද "

මහලොකු වැඩක් නෙමෙයි උනාට දවසකට එක්කෙනෙක්වත් මැසිම උස්සගන එනවා ඉදිකටු වැරදියට දාගන

 '' අනේ බලන්ඩකො මැහෙන්නැ අප්පා කියාගන ''

එහෙම එන සමහරක් උන්දලා රටේ නම්දරාපු මැහුම්කාරියෝ, ඒක හන්දා මේ කතන්දරය මහන ඈයොන්ට ඉතාමත් වැදගත්වෙනවා

*** බහුලව සිද්ධවෙන ඉදිකටු සම්බන්ද වැරදි ***

1) මේෂින් එකට අදාල නොවන වැරදි ඉදිකටු භාවිතා කිරිම

2) ඉදිකට්ට වැරදි පැත්තට සවිකිරිම සහ ඉදිකට්ට බාගෙට සවීකිරිම

3) මොට්ට , ඇදවු ඉදිකටු , ගලවා ඉවත්කල ඉදිකටු භාවිතා කිරිම , බාල ඉදිකටු (ගුණාත්මක බවින් අඩු) භාවිතා කරීම

දැන් මෙව්වා ඔක්කොම ඔක්කොම එකට ලියන්ඩ ගියොත් පැටලිලි සහිත වෙයි , 

උඩින් කියපු කරුණු තූන ගැන වෙන වෙනම  ලියන්නම් , එතකොට හැමෝටම ලේසිවෙයි.

ඉදිකටු ගැන සරලව තේරුම් කරන්න තියන ලේසිම විදිහ තමා මෙෂින් එක පෙන්නලා ඉදිකට්ට මොකක්ද කියලා කියන එක. ඒක නිසා මම එහෙම කරන්නං.

2012-10-05

Which machine is good ? Singer Soje Hispeed sewing or Old juki Hispeed sewing machine



''අපේ ගෙදර උන්දෑට සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් ගන්ඩ ඕනලු, හොද එකක් හොයලා දියන්''


මට නිතරම අහන්ඩ ලැබෙන මෙන්න මේ ඉල්ලීම හන්දා
මේ ගැන ටිකක් ලියන්ඩ ඒන කියලා හිතුනා
මගෙන් අහන ප්‍රශ්න සහ ගොඩක් වෙලාවට මම  දෙන  උත්තරය තමයි මම මේ අද ලියන්ඩ යන්නේ
හැල්ලක් වාගේ ලියාගන යනවට වඩා හොදයි කියලා හිතෙනවා කරුණු එකින් එක ලියුවානං
එතකොට කියවන අයට ලේසිවෙයි

දැන් ඔය තඩී මෝටරයක් තියන පත මැෂින් ඔක්කොම මෙෂින් ජුකි ඒවද

අධිවේගි මහන යන්ත්‍ර සියල්ලම ජුකි නොවේ. ජුකි යනු වෙළද නාමයක් පමණි
බ්‍රදර් . සන්ස්ටාර්.පැප්.ටොයොටා. වැනි වෙළද නාම ගණනාවකින්ම ජපානයේ නිෂ්පාදනය කරන ලද පරණ මෙෂින් දකින්න පුළුවන්

චයිනීස් එව්වායෙත් එක එක ජාත් තියනවද
නැතුව, අළුත් චයිනීස් මෙෂින්නං වෙළද නාම හැටහුටහමාරකින් දකින්නට පුළුවන්

මොකක්ද ඔව්වායේ තියන සාමාන්‍ය මෙෂින් වලට වඩා වෙනස
අතින් ඔයිල් දැමීමක් සිදු නොකරන මෙව්වායේ , තෙල් මහන යන්ත්‍රයේ අවශ්‍ය තැන් කරා ගෙනයාමට පොම්පයක් සවිකොට ඇත.වේගයෙන් මැසීම සිදුකල හැක.මහන තැනැත්තාට පහසුවෙන් හැසිරවිය හැක.  තම කාර්ය්‍යයන් පහසු කර ගැනීමට අවශ්‍ය අතර උපකරණ , උපාංග සිය ගනනක් ඇති අතර ඒවා පහසුවෙන් සවිකල හැක


ඉතින් ඔය එක එක ජාතිවල ජපන් මෙෂින්වල පාට්ස් එක සමානද
මේ මෙෂින්වල නිතරම අවශ්‍ය වන කොටස්   බොහෝ දුරට එක සමානයි, (උදාහරණ, ෂටල් බොබින් , කැරියර්, පීඩොක් , නිඩ්ල් ප්ලේට්,ස්ලයිඩ් ප්ලේට්, නිඩ්ල් බාර් වාගේ එව්වා)

ඒ කියන්නේ වෙනස්කම් තියනවා
අපිට මිලදි ගන්න ලැබෙන පාවිච්චිකල ජපන් මෙෂින්වල වර්ගය සහ මාදිලිය වෙනස්වන විට බොහෝ වෙනස්කම් දකින්න පුලුවන්

චීනයේ හදාපු එව්වාට අවුලක් නැ ඒ කියන්නේ 

පරණ ජපන් මෙෂින්වලට පාට්ස්  නිෂ්පාදනය කිරිම නවත්තලා හන්දයි ඔය අවුල .මැත කාලයේ ජපානයේ නිෂ්පාදනය කල වෙළද නාම ,මෙෂින් වර්ග , මාදිලි කොපි කරමින් චින නිෂ්පාදනයන් එළි දක්වා තියන නිසා එව්වාට පාට්ස් එයාලා නිෂ්පාදනය කරනවා. අනික නම වෙනස් උනාට බොහෝවිට ඒ ‍මෙෂින් එකින් එකකට සමානයි

ඒ කියන්නේ ජපානයේ නිෂ්පාදනය කරපු මෙෂින් වර්ග ඔක්කොම එයාලා කොපි කරනවා

බොහෝ විට චීන නිෂ්පාදනයන් කොපි කොට ඇත්තේ ජපන් ජුකි සහ , කොරියානු සන්ස්ටාර්      මහන යන්ත්‍රයන්ය,

දැන් ලංකාවේ අළුතින් නිෂ්පාදනය ජපන් මෙෂින් ගන්න තැනක් නැද්ද

මා දන්නා තරමින් දැනට . ජපානයේ නිෂ්පාදනය කරනු ලබන අළුත් මහන යන්ත්‍ර කිසිවක් ශ්‍රීලාංකීය වෙළදපොලේ දක්නට නොමැත, ජපන් යැයි කියන එව්වායේද ඇත්තේ චීනයේ නිෂ්පාදනය කල අමතර කොටස්ය (එහෙම ජපන් එකක් තියනවානං කමෙන්ට් එකක් දාන්න  මං කැමතියි දැනගන්න , ගන්න කියනවා හැමෝටම)

2012-09-23

අනේ යං මෙයා යන්ඩ


මෙව්වා රියල් සිද්ධි හරිද , අටංතුමා හදලා ලියනවා නෙමෙයි, 

අපිට වෙන හැම සීන් එකකම හිනායන කෑල්ලක් තියනවා , කාට උනත් ඒ කෑල්ල හරියට අල්ලා ගන්න පුලුවන්නං එච්චරයි, අනේ අපොයි අපරාදේ නොකියා ඉන්න ටිකේ හොදට ඉදලා මැරිලා යන්න  ගේමක්ම නැ එහෙම හිතන එකාට.


ඒ දවස්වල මාත් එක්ක වැඩකරපු මිත්තරයෙක් ඉන්නවා අමල් කියලා.ඇත්තටම එළකොල්ලෙක් , ධාතූ වැඩ නෑ , අවංකයා.


මමත් කොල්ලට දන්න සබ්බ සකල මනාවම කියලා දුන්නා. අදටත් ඌ කෙලවා ගත්තහම මට කෝල් එකක් දෙනවා.( ඌට එහෙම හරි මාව මතකයි ඒකත් මදෑ නේද )


ඉස්සර එක දවසක් අපි දෙන්නා අතරේ මෙහෙම කතා බහක් ඇති උනා.


!! ගොඩ දවසකින් අරක්කු ටිකක් බිව්වේ නැ නේද බං අයියේ !!


!! මං නං ඊයෙත් බිව්වා !!


!! බොට මොකද ඉතින් , මොකද කියන්නේ හවසට බොමුද !!


!! හම් !!


!! මම හතට විතර ඉස්ටේසමට එන්නං , උඹ මම එනකොට ඇවිල්ලා හිටහං , කොහාටද යන්නේ !!


!! වෙන කොහෙද ඉතින් "හේෂාන්"' යමං  !!

( මේ කියන කාලේ "කාසා" ඇටෙත් නැ)


ඔහොම කතාකරගන දෙකට ඕෆ්වෙලා ගෙදර ආව කියමුකෝ , හවස මට යන්ඩ ටිකක් පරක්කූ උනා, ඉස්ටේසමට ගිහිල්ලා බලනකොට මූ නැ, පොරත් මම වගේම මූලග්ගිණි කාරයා හන්දා මළ පැනලා ''හේෂාන්''  එකට ගිහිල්ලා ඇති කියලා හිතාගන මමත් ඒ පැත්තට ගෑටුවා.

( දැන් ඉතින් කියාපියව් අනේ මේ අටමා වගේ බූරුවෙක් කෝල් එකක දුන්නනං ඉවරනේ කියලා, ඒ කාලේ කොල්ලටයි  බල්ලටයි ෆෝන් තිබ්බේ නෑ , සල්ලි තියන පට්ට සෝබන කාරයෙක්ට විතරයි ෆෝන් එකක් තිබ්බේ, 8210, 8250, 3310, ඔන්න තිබ්බ ෆෝන් මොඩල් )


මම ‍හේෂාන් එකට යනකොට අමල් කොලුවා බෝතලයක් ගෙනත් තනියම ගහනවා, දැක්ක ගමන් තේරුනා මල් වත්තක් පැනලා කියලා


!! කොහෙද මක බෑ උනේ -කෝ !!


!! සොරි සොරි බං.... උඹට මම එනකං ඉන්ඩ තිබ්බනේ චුට්ටක් ස්ටේසමේ !!


!! ඉස්ටේසමේ ඉන්නේ කොහොමද  හු--   තොපේ ගමේ ඉන්න තෝ වගේ පොන්නයොත් එක්ක !!


!! ඇයි බං මොකද උඹට උනේ !!


!! උනේ...... උන එක කියන්නැ ...මම තොට ......., දැන් ඉතින් කටවහගන බීපිය !!


දැම්මම මූ කියන පාටක් නැ, තරහා වෙලා හන්දා කතාබහකුත් නැ , අදුරන්නේ නැති උන්දෙන්නෙක් වාගේ ටේබල් එකේ දෙපැත්තට වෙලා මමත් දෙකක් තූනක් දාගත්තා , ටික වේලාවකට පස්සේ සිකරට් භාගයක් අමලට දික් කරපු මම


!! මොකද උනේ කියහං කෝ ඉතින් !!


මාව කන්ඩ වාගේ ටික වේළාවක් මූණ දිහා බලාගන හිටපු පොර හිමිහිට කට ඇරියා


මෙතන ඉදන් තියෙන්නේ අමල් මට දුන්න උත්තරය


උඹ පරක්කූ හන්දා මම ෆ්ලැට්ෆෝම් එකේ එහා කොනට ගිහිල්ලා සිකරට් එකක් පත්තු කරගත්තා, එතන බැම්ම උඩ වාඩිවෙලා හිටපු කොල්ලෝ දෙන්නෙක් මාත් එක්ක හිනා වෙලා මාලග ඇවිත් හිට ගත්තා, උන් දෙන්නා මාරුවෙන් මාරුවට මා එක්ක හිනා වෙන හන්දා මම හිතූවේ සිකරට් භාගෙට අරින්ඩ තමයි කියලා, ටික වේලාවකින් එකෙක් කියනවා


!! කෝච්චිය පරක්කුයි නේද අයියේ !!


!! ඔව් නේද !!


!! මේ දවස් ටිකේම පරක්කුයි !!


!! ඇත්තද !!


!! අයියා කොහාට යන්ඩද !!


!! මම කොහෙවත් යන්ඩ නෙමෙයි !!


!! කොහෙවත් යන්ඩ නෙමෙයි නං ඇයි ඉස්ටේසමට ආවේ !!


!! යාළුවෙක් එනකං ඉන්නවා !!


!! ෂා එහෙනං ෂෝක් , අපිත් අයියා වාගේ යාළුවෙක් එයි කියලා තමයි මේ බල බලා උන්නේ !!


!! අර ඉස්ටෝරුව එහාපැත්තට ගිහිල්ලා "ෆන්"  එකක් ගම්මුද අයියේ , මේ වේළාවට ඒ පැත්තට කව්රුත් එන්නේ නැ !!


!! මම ගංජා බොන්නෑ !!


!! ඉකේ.....ඒ...  කව්ද අයියේ ගංජා බොන්ඩ කතා කලේ , අයියෝ ඔයා ආතල් ගැන දන්නෙත් නැද්ද , මම හිතූවා ඔයා අපේ යාළුවෙක් කියලා !!


!! මොනව ගැනද දැන් උඹ ඔය කියවන්නේ !!


!! දන් නැද්ද ....ආතල් එකක්  අයියේ...... , ....සෙක්ස් .....ආතල් එකක් එකක් !!


!! කොල්ලොත් එක්ක මොන සෙක්ස්ද බං , පලයන් පැත්තකට ,   ආතල් ගන්ඩ මට කෙල්ලෙක් ඉන්නවා !!


!! අයියෝ....ගෑණු දන්නවද  අයියේ ආතල් දෙන්ඩ , ඔයා අපෙන් ආතල් එකක් ගත්තොත් ආයේ ගෑණියෙක් දිහා බලන්නෙක්වත් නෑ !!


!! කිව්වම අහලා පාඩුවේ පලයන් දෙන්නා එක්ක පැත්තකට !!


!! තරහා ගන් නැතුව අහන්ඩකෝ අයියේ , කෙල්ලො ඔයාට ආතල් දෙන් නැ ඔයාගෙන් ආතල් ගන්නවා , ඔයා ඔක්කොම ජාතී  කරනකන් උන් ආතල් එකේ ඉන්නවා , එහෙමද අපි අපි දෙන්නේ දිවිය ලෝක සැප !!


!! මම ආයේ කියන්නැ පලයව් අහකට !!


!! අනේ එන්ඩකෝ අයියේ එක පාරකට , අපි දෙන්නා පව්නේ !!

   කියලා එපාර ඒ හු--නා අමලගේ පරම්පරා කූට්ටම අතගැවාලු


!! අ--ට  හු--ඩ  කැ-  පොන්නයෝ දෙන්නා, මම තොපි දෙන්නට කියුවා නේද , මට පාඩුවේ ඉන්ඩ දෙන්ඩ කියලා , දුහපියව් වේ-- පුතාල දෙන්නා !!


උග්.. ආ..අම්මෝ ඩිෂුම් ඩක් චටාස් පටාස් ...පහ් පග් .....


* අමලා අරුන් දෙන්නට හොදටම ගහලා , මෙච්චර වෙලා කතා නොකර හිටපු ''නංගි මල්ලියා'' වැටිලා හිටපු  තැනින් වැලි පිහදදා නැගිටලා මෙහෙම කියුවලූ *


*!!   යමු මෙයා  අපි යන්ඩ.. ,  මොකටද මේ මූසලයට බලෙන් ආතල් දෙන්නේ ,  නිකං හම්බෙන ආතල් එක ගන්ඩ දන්නේ නැති බූරුවෙක්‘‘

2012-09-14

පොඩ්ඩක් හිටහං මෙව්වා කවදා දකින්නද



මගේ පාඨක ජහමනයාට මතකද දන්නැ අර මගේ පල නොකියා පළා බෙදිල්ල කතන්දර , එතකොට තව මතකද දත්වලට වැට ගහපු සකේවුස් කතන්දරවල අයිතිකාර පොර, අපේ අර පොඩි මල්ලි අන්න පොර ගැන තමයි අදත් ලියන්නේ. ඔයාලට ආතල් එකක් දෙන්ඩ මම මේ ආයෙත් ඌ ගැන ලියුවට මොකද , මම මේක ලියන්නේ ඇත්තටම  හෙණ බයේ. මොකද දන්නවද දෙකක් දාගත්ත වෙළාවට අර අපේ චන්ඩී මල්ලි විකී එක්ක එකතුවෙලා මට මෙන්න මෙහෙම කියනවා.

" උඹට පුලුවන්නං අපි දෙන්නා ගැන තව එක කතාවක් හරි ලියපන්කෝ "

" ඇයි තොපි මට මොනවා කොරන්ඩද "

" කරන එක බලන්ඩ ලියපන්කෝ "

" කොරයි මට මේක " 

මම එහෙම කියුවට ඕකුන් දෙන්නගේ ඉතිහාසය ගූබෝලය දෙකම දන්න හන්දා ඇත්තටම මම ඉන්නේ ටිකක් මෙව්වා වෙලා කියන එක තමයි ඇත්තම ඇත්ත. එහෙම අවධානමක් අරගන මම ලියන එකට සලකලා ඉස්සෙල්ලම ඔය පරණ කතන්දර තූන බලලා එන්නකෝ.

දැන් ඉතින් කතන්දරය

ඒ දවස්වල පොඩි මල්ලි පොඩි කොල්ලා , (ඌ ලොකුවට හිතාගන හිටියට මටනං තාමත් හුජ්ජ කොල්ලා) ඉතින් දවසක් අපි දෙන්නා පුටාර්එකේ ටවුමට ආවා මොනවා හරි උවමනාවකට.ආයෙත් අපි ගෙදර යන ගමන් මම කඩයකට ගිහිල්ලා රිංගා එළියට එනකොට . ඒ කඩය ඉස්සරහා හැමදාම නවත්තන බස්එක ඇවිත් එතන නවත්තලා තිබ්බ හයික්ලාස් වාහනයකට හෝන් එක ගහනවා නෙමෙයි , හෝන් එක උඩ නගිනවා. ඒ වාහනයේ හිටපු තඩියා වීදුරුව පාත් කරලා 

" ඇයි ඕයි මොකද "

2012-09-08

අයියා මාව බඳිනවද?



ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ.

මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු , අපේ ආයතනයෙන් උපකරන සපයපු , චිත්තර පටියක වැඩ කෙරුවා.

මාසයක් විතර අංගොඩ රූපගතකිරීම් කෙරුවත් මට වාසනාව ලැබුනේ දවස් කිහිපයක් වරින් වර වැඩ කරන්න විතරයි.

මේ කියන දවසෙත් මට වැඩකරන්න අවස්ථාව ලැබුන්නෑ. එදා අපේ ආයතනයේ වෙනත් අංශයක වැඩකරපු මීත්තරයෙක් ෂූටින් බලන්න ගිහිල්ලා. 

ටික වේළාවක් කට්ටියත් එක්ක කයියගගහ හිටපු පොරට පිස්සන් කොටුවේ සිරි නරඹන්ඩ හිතිලා , තනියම වාට්ටුවක් වාට්ටුවක් ගානේ විසිට් එකක් දැම්මාලු.

පොර වාට්ටු දෙකක් අතරේ තිබ්බ කොරිඩො එකක ඇවිදගන යනකොට කණුවකට ‍පිට හේත්තූව දාගන හිටපු කෙල්ලක් හීනියට හිනාවක් දැම්මාලු.

පොරත් ලාවට හිනා පාරක් දාගෙන ගිහින්  ආයෙත් හැරිලා බලන්ඩත් හිතිලා එහෙම බලන එකත් හරි නැ කියලා හිතලා තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලම බලනවා කියලා හිතූවා විතරයි.

" ෂ්...  ෂ් ..... අයියා මේ..... ටිකක් ඉන්ඩකො "

2012-09-04

'' පටි සෙරෙප්පු ''



''උක්කුං පුතේ උඹ ආවද මහත්තයො , ඔය ඇඳුම ගලවලා දිලා බත් බෙදාගන කාහං , මම මේ රෙදි කෑලි ටික මිරිකගෙන එන්නං, අපි දෙන්නා පොළට දුහලා එමු''

''අප්පේ මට බෑ. මට මහන්සියි.''

''නැත්තං තනියම ගියා කියලා උඹලගේ තාත්තා ඇවිත් මට කෑගහයි.''

''ඉතින් අම්මත් කෑගහන්ඩ.''

''ආවොත් මම උඹට ගල්සියඹලා රුපියල් දෙකක අරන් දෙනවා.''

''මම ගෙදර ඉන්නං. අම්මා එනකොට ගල්සියඹලා ගේන්ඩ.''

''මම නාගන එනකොට ලෑස්තිවෙලා හිටියේ නැත්තං බලාගනින් මම උඹට කරන දේ.  මහ

මිනිහා වාගේමයි මා ගැන අනුකම්පාවක් නැ උඹගෙත්.''

බෙරි කරගත් මුහුණින් යුතු උක්කුං විසින් ගෙනවිත් දුන් කලිසම සහ කමීසය තරහින් උදුරාගත් සිරිමාවතී, කිලිටි රෙදි දැමු තහඩු බේසමට එයද ඔබා උකුලට ඔසවා සිර කරගෙන , කුස්සිය පිටිපස තිබු කොහු ලණුව ගැට ගැසු බාල්දිය රැගෙන හනිකට ගල් ළිදට පිය මැන්නාය. 



බේසම ලිං මිදුලේ තැබු සිරිමාවතී බාල්දිය තුළ තිබු සල් බාර් සබන් පොත්ත සහ සිරිතුංගගේ කිලිටි සරම ලිං ගැට්ට උඩ තබා , බේසම තුළ තිබු රෙදි මතට වතුර බාල්දි කිහිපයක් ළිඳෙන් ගෙන හෙළුවාය.



තවත් වතුර බාල්දියක් රැගෙන පසකින් තැබු ඈ, සිරිතුංගගේ සරම ඔළුවෙන් ඇඟට රුවාගෙන සරමේ ඉහළ ‍කොන කටින් සපාගන, හැඳ සිටි බාච්චු ගවුම් කඩමාල්ල උරහිසින් පන්නා බිමට හෙළුවාය. හපාගන සිටි සරම කටින් ගෙන පපුවට ගැට ගැසීමට පෙර, හිස බීමට හරවා සරම තුළින් ‍පෙනෙන තම වැහැරුණු සිරුර සහ ගලවා දැමු වැරහැල්ල ‍දෙස මොහොතක් බලා සිටි සිරිමාවතීගේ සිත අතීතයට දිව ගියාය.

සිරිතුංග සමග හාදව නිවසින් පලා ඒමට පෙර, මාපිය සෙවණේ ලද සියලු සුඛවිහරණයන් සිහිවන විට ඇගේ නෙතගට කඳුළක් නැගෙනුයේ තමා ගැන ඇතිවන ආත්මානුකම්පාවකින් නොව, තම දියණිය සහ පුතණුවන් ගෙවනාවූ දුක්ඛිත ජිවිතය හේතුවෙන් තමා ගැනම ඇතිවන වරදකාරී හැඟීම් නිසාය.

දියණිය උපන් විගසම වාගේ දිනයක, එවකට සිරිතුංග සමග තමන් විසු නිවසට හදිස්සියේම පැමිණි තම මව විසින් හැඳ සිටි සාරි පොටින් දෑස් පිස දමමින් පැවසූ වදන්, ළිඳ අසල සරුවට වැවුණු බට පදුරු වල සිරි සිරියට මුසුව නැවතත් දෝංකාර දෙමින් ඇසෙන්නා සේ සිරිමාවතිට දැනෙන්නට විය.

‘‘පොඩ්ඩියේ තාත්තා හොඳටෝම ලෙඩ ගානේ.  තුන්තිස්පැයේ උඹට දෙස් දෙවොල්මයි දොඩවන්නේ.  උඹට කිසිදෙයක් නොදෙනවාමයි කියලා ඔන්න අයියට කියලා අද්වකාත් මහත්තයෙක් ගෙන්නලා අයියට හාඩ්වෙයාර් එක තියන කෑල්ල එක්ක, මහගෙදර වත්ත පොල් කෑල්ලත් ලියුවා. සිල්ලර කඩ කෑල්ල අක්කට, කන්දේ කෑල්ලත් එක්ක. කූඹුරත් උන් දෙන්නටම තමා, මම වැඳලා වාගේ, ඔන්න මට අපේ අප්පච්චිලා දුන්න ඉහළගම ඉඩං කෑල්ල උඹට දෙන්න කැමති කර ගත්තා . හැබැයි තාත්තා කියනවා උඹ සිරිතුංගව අත ඇරලා ආවොතින් විතරයි ඒක දෙන්නේ කියලා."

‘‘ඇයි අම්මේ මොකක්ද තාත්තට තියන අසනීපේ?"

‘‘එදා රෑ මමත් කඩේ ඉඳලා ගෙදර එන්ඩ හදන කොට තාත්තා ගණන් හිලව් බලලම ගෙදර එන්නං කියලා, ...බයිසා.....එක්ක මාව ගෙදර එව්වා, අයියත් හාඩ්වෙයාර් කෑල්ල වහලා නැදුන්ගමු ගිහින්. ගෙදර එන්ඩ පරක්කු හන්දා මග බලාන ඉඳලා බැරිම තැන හාමිනා එක්ක ආයේ කඩේට ආවා. එතකොටත් ගණන් පොතයි සල්ලියි මේසය උඩ දිග ඇරගන තාත්තා මේසයට ඔළුව ගහගන හිටියා. ඇඟට අත තියලා කතාකරහමයි දැක්කේ කට පැත්තට ගිහිල්ලා කියලා. එදා ඉදන් දැන් හත් අට මාසයක් උණා නැගිටාගන්ඩ බැ. දැන්නං යාන්තං පටල පටලා කතා කරනවා."

‘‘අනේ අම්මෙ මට තාත්තව බලන්ඩ ඕන.  මම ගෙදර එන්ඩද?"

‘‘එනවනං සිරිතුංගව අතඇරලා වරෙන් , එහෙම නැතුව ඇවිත් අර මනුස්සයාගේ අසනීපය තවත් වැඩිකරන්ඩ එපා, ඉහළගම ඉඩමේ උඹට සිල්ලර කඩයක් දාලා දෙන්නං. ඒක කරගන ටික දවසක් ඉදලා වෙන පිළිවළක් බලන්ඩ බැරියැයි."

‘‘පුංචිම කාලේ අපේ ගෙදරට ආපු දවසේ ඉදන් සිරිතුංගගේ දාඩිය මහන්සියෙං තමා ඔය කඩ දෙකයි, වතුපිටි ටිකයි දියුණු උණේ. මට මොන දේ ලැබුණත් මම සිරිතුංගව නං අත ඇරලා එන්නේ නෑ, අම්මේ. අනිත් දේවල් දුන්නා වාගේ ඕකත් අක්කටයි අයියටයිම බෙදලා දෙන්ඩ."

‘‘එහෙනං උඹ මේ නරාවලේම දුක් විඳ විඳ හිටපං. කවදාවත් කියන එකක් අහපු ගෑනියෙක්ද උඹ?  දරුවෙකුත් ලැබුණ හන්දා දෙමව්පියන්ගේ අගේ දැනිලා ඔලමොට්ටල මොළය පැදිලා ඇති කියලා හිතුවා. වැදූ කැක්කුම දරාන ඉන්ඩ බැරි හන්දා, අනික එවුන්වත් කැමති කොරං තෝ බලන්ඩ ආවාට, මට තලන්ඩ ඕන බූවල්ලෙන්!''

තම දෙමාපියන් සහ සොහොයුරා සොහොයුරිය ගැන හිතට නැගෙන දැඩි වෛයිරයේ බලයෙන් කිලිටි රෙදි ටික තදින් පොළවේ ගසා මිරිකාගත් සිරිමාවතී, හනිකට වතුර පනිට්ටු දෙකක් ඇඟට හලාගන නිවසට පිය මැන්නාය,

මුලින් අකමැත්ත ප්‍රකාශ කළද, තමා සන්තකව ඇති එකම හොඳ ඇඳුමින් සැරසී පෙරමග බලා සිටින උක්කුං දකිනවිට නැගුණ සිනහව දෙතොලට එක් නොකර, හදවත තුළ සිරකරගත් සිරිමාවතී, එළිපත්තේ ගැටගැසූ කොහුලණු වැලේ තිබූ ඉරුණු තුවාය ගෙන හනිකට හිස පිස දැම්මාය. තුවාය ඇඟ වටා දවටාගන තෙත සරම වැලට විසිකළ ඈ, ඇතුල් ගෙට

පිවිස වසර කිහිපයක් පැරණි අංඩ දැමු තිසරපටිය හැද ඊට උඩින් චීත්ත ගවුම ඇඟලාගෙන, රෙද්දෙන් මැසු ගමන් මල්ලද අතට ගෙන, එහි ඇති ඇතුල් සාක්කුවේ දැමූ මූදල් නෝට්ටුව ඇතිදැයි සැක හැර දැනගෙන, පිට ලෑලි දොර අඩවල් කරමින් මගට බැස්සාය.

කඩුල්ලේ ඉහළ පොල්ල මත නැග කැටකෑල කොටය අල්ලාගන කඩුල්ල පදිමින් සිටි උක්කුං, තම මව කඩුල්ල පනිනවාත් එක්කම ගුරු පාර මැද්දට පැන තම මවට එක් වෙමින් ඉදිරියට පිය මැන්නේය.

‘‘පුතේ ඔන්න උඹ මග දිගට, අරව මේවා ඉල්ල ඉල්ල මට කරදර කරන්නේ එහෙම නෑ හරිද‘‘

‘‘එහෙනං මට ගල්සියඹලා අරන් දෙනවා කියලා කියුවේ?"

‘‘මං කියන්නේ වෙන මොකවත් ඉල්ලන්ඩ එපා කියලා."

‘‘හ්ම්."

අඩියක් දෙකක් ඉක්මන්කළ උක්කුං, සිරිමාවතිගේ අතේ එල්ලි තවත් කතාවකට මුල පිරුවේය.

‘‘අපේ තාත්තට අස්සයෙක් පයින් ගහලද අම්මේ?"

‘‘මොකක්.. මෙහේ කොහෙන්ද බං අස්සයෝ‘?"

‘‘ඒක තමා මමත් කල්පනා කළේ.  අද උදෙත් ඔය හොදට හිටියේ.  සරත් මාමට පිස්සුද කොහෙද."

‘‘සරත්  මොනවද කියුවේ?"

‘‘උදේ තාත්තා දුන්න රුපියල් දෙක අරගන කිරිටොෆී ගන්ඩ කඩේ ගියහම, සරත්

මාමා කඩේ ඉදලා .....'ආ කොල්ලෝ, උඹලගේ තාත්තට අස්සයෙක් පයින්ගහලා උඹලට අද ජයයි නේද?' කියුවා."

‘‘එහෙනං ඒක තමා ඊයේ කටගොන්නක් බීගන ඇවිත් සුද්දා වගේ මහ ලොකුවට රුපියල් දාහක් දික්කරේ. හම්බවෙන තුට්ටු දෙක අස්සයන්ට පූජා කරලා, ඉදලා හිටලා දිනන එකවත් වියදං නොකර මගේ අතට දෙනවානං, මම මොන තරම් දේවල් කරනවද!  හම්බෙච්ච එකෙන් වැඩි හරියක් සරත්ලට අරක්කු පළවලා, ඉතුරු වෙච්ච දාහ තමයි එහෙනං මට දික්කරේ! ඔකුන් බලාගන ඉන්නේ කාගේ හරි සාක්කුවකට බැහැලා සුද්ද කරන්ඩනේ."

‘‘අස්සයන්ට පූජා කරනවා කියන්නේ මොකක්ද අම්මේ?"

‘‘අහ ගනින් උඹලගේ තාත්තගෙන්."

ලැබුණ උත්තරයෙන් පසුබාගිය කොලුවා, කිසිවක් නොකියා පාර දිගේ ඇති බොරළු කැට වලට පයින් ගසමින් පිය මනින්නට විය.

‘‘ගල්වලට පයින් ගහලා ඔය සෙරෙප්පු දෙක කඩාගන්ඩද හදන්නේ?"

‘‘අම්මේ මට අර ජරස් බරස් ගාලා පටි අලවන සෙරෙප්පු දෙකක් අරගන දෙන්ඩකෝ."

‘‘ඔව්වට කොහෙන්ද පුතේ සල්ලි ?"

‘දැන් හැමෝම දාන්නේ එව්වා."

‘‘පොල් අතු ටික විකුණලා අරගන දෙන්නංකො."

‘‘එහෙනං අපි අද යන ගමන් හොඳ දෙකක් බලමු. එතකොට පස්සේ ඇවිත් ගන්ඩ පුළුවන්නේ."

‘‘මොන විකාර වැඩක්ද ඒ?  වද නොදී යමං."

‘‘අනේ අම්මේ නිකං ගිහිල්ලා බලමුකෝ."

‘‘මගෙන් ගුටි කන්නේ නැතුව කට වහගන වරෙන්."

කොලුවා දැන් දිගින් දිගටම, 'අනේ අම්මේ, අනේ අම්මේ' යැයි කියමින් දඟලයි.

ගුරු පාරෙන් මහ පාරට පිවිස, ටවුමට කිට්ටුකර ඇති ඇති නිසා ඉඳ හිට පැමිණෙන

වාහනයකට හැපේදෝයි බියෙන්, සිරිමාවතී උක්කුං අතින් අල්ලා පාර අයිනට දැම්මාය.

‘‘පාර මැද්දේ නටලා වාහනයකට අඩ තියන්නේ නැතුව වරෙන් අයිනට!"

‘‘අම්මේ අර පේන්නේ සපත්තු කඩේ . අපි එතනින් යනකොට, මම චුට්ටක් බලලා එනකං

අම්මා හොඳ අම්මා වාගේ පාරෙන් ඉන්ඩ හරිද? මම ටක්ගාලා බලලා එන්නං."

‘‘උක්කුං මාව මහපාරේ කෑගස්සවන්ඩ එපා . මම ආයේ කියන්නෑ."

‘‘බෑ, මම යනවමයි."

‘‘.....දීං.....දීං.....!!!"

ක්ෂණිකව දකුණතේ තිබුණ මල්ල වමතට ගත් සිරිමාවතී, කොලුවාගේ පිට හරහා වැරෙන්

පහරවල් දෙකක් ගැසුවාය. හුස්ම හිරවන තරම් තදින් ඒ පහරවල් වැදුනද, කොලුවා

කිසිත් නොකීවේය. නොහැඬුවේය. ඇසන නැගුණ කදුළු බිඳු  දෑතේම පිටි අල්ලෙන්

පිස දැමු කොලුවා, සිරිමාවතීවද පසුකොට වේගයෙන් ඉදිරියට ඇවිදින්නට විය.

කවුරුන්හෝ බලාසිටිනවාදැයි වට පිට බැලු සිරිමාවතී කිසිදු හැඟීමක් නැති

මුහුණකින් යුතුව තමාට හැකි උපරිම වේගයෙන් කොලුවා පසුපස ඇවිද ගියාය.

සපත්තු කඩය ඉදිරිපිට නැවතුන උක්කුං, ආපසු හැරී, සිරිමාවතී තමන් ළඟට

පැමිණෙන තෙක් බලා සිටියේය.

‘‘අම්මේ....අනේ!"

කිසිවක් නොකි සිරිමාවතී, සපත්තු කඩය දෙසට බයාදු බැල්මක් හෙළුවාය . ඒ

නිහඬ අවසරයෙන් පිබිදුන උක්කුං විමසිලිමත් දෑසින් යුතුව කඩය තුළට

පිවිසුනේය. මොහොතක් කල්පනාකරමින් සිටි සිරිමාවතීද උක්කුං පසුපස ඇදුනාය.

දැන් කොලුවා සතුටු සිතින් සපත්තු රාක්ක අතර ඇවිදිමින්, නොබෝ දිනකින් මව

විසින් මිලදි ගෙන දෙනු ලබන සෙරෙප්පු පෝඩුව සොයයි. සිරිමාවතීද කොලුවා

පිටුපස ඔහේ ඇවිදිමින් සීටි,

සාප්පු සේවකයන්ට වගේ වගක් නැත. රේඩියෝවේ විකාශය වන ක්‍රිකට් විස්තර

විචාරය උච්චතම අවස්ථාවට  පැමිණ ඇති නිසා, ඔවුන්ට සාප්පුව පිළිබඳව මතකයක්වත්

නැත. මේ තරගයෙන් ශ්‍රී ලංකාව පැරදුණහොත්, අවසන් වටයෙන්ද ඉවත්ව ආපසු එන්නට

වන්නේය. මේ අවසාන පන්දු වාර තුනයි.  දිනන්නට ලකුණු තිස් එකක් රැස් කළ

යුතුය.

‘‘අම්මේ මේ තියෙන්නේ!  මෙන්න මේක!"

‘‘හ්ම්.‘‘

‘‘එච්චර ගණන් නෑ අම්මේ සේල් දාලා හාරසිය අනූ නමයයි. අර අතන තව පාට ගොඩක්

තියනවා , එව්වත් මේ ජාතියෙද කොහෙද!"

උක්කුං මදක් එපිටින් තිබු සපත්තු රාක්කයක් වෙත දිව ගියාය. තවත් මොහොතක්

හිටි තැනම රැදී උන් සිරිමාවතී, උක්කුං ළගට පියමැන්නාය.

‘‘අපි යං වෙන දවසක එමූ."

කිසිදු අකමැත්තක් ප්‍රකාශ නොකළ උක්කුං, මවට අවනතව කඩෙන් එළියට පය

එසෙව්වේය . සාප්පු සේවකයන්ට වගේ වගක් නැත.

කොලුවාද ඇදගන හනිකට පොල තුළට පිවිසි සිරිමාවතී , තමාසන්තකව තිබූ එකම

නෝට්ටුව වන සිරිතූංග පෙරදා රැයේ දුන් රුපියල් දහස අවසන් වනතෙක් තමන්ට

අවශ්‍ය දෑ සුළු ප්‍රමාණවලින් මිලදී ගත්තාය. අවසානයේ ඉතිරිවූ රුපියල්

අනූවෙන් , ගල්සියඹලා ගොටු දෙකක් ගෙන එකක් පුතණුවන්ට දී, අනෙක දීයණිය

වෙනුවෙන් මල්ලට රුවාගත්තාය.

‘‘යං පුතේ අපි අක්කවත් එක්කගෙනම ගෙදර යං."

සිරිමාවතිගේ දියණිය තම නිවසේ වෙසෙනවාට වඩා වැඩිකාලයක් පද්මලතා ටීචර්ගේ

නිවසේ වාසය කරයි. සැමියා කොළඹ නතරවී රැකියාවක යෙදෙන නිසා, එම නිවසේ තනිවම

වාසය කරන පද්මලතා, පාසල අවසන්ව දැරියද කැටුව ඇගේ නිවසට යන්නීය.  උදෑසන පාසලට

පැමිණෙනවිට එක්කාගන එන්නීය. දැරිය තම නිවසට යන්නේ . සුරනිමල මහතා නිවසට

පැමිණෙන සිකුරාදා හවසට පමණි. එදිනද සිකුරාදාවක් බැවින්, දියණිය කැටුව යන

අදහසින් සිරිමාවති, ගුරුතුමියගේ නිවසේ ගේට්ටුව අසලට පැමිණ හඬ නගා කතා කළාය.

‘‘සුදු මැණික .....සුදු මැණික... ටීචර් .....ටීචර්....සුදු මැණික .........!‘‘

‘‘ආ, ඉන්ඩ සිරිමා මම ගේට්ටුව අරිනකං."

ගුරුතුමිය නිවස තුල සිට හඬ නැගුවාය . දොර හැරගෙන ගේට්ටුව වෙත පැමීණ එහි

අගුල පන්නනවාත් සමගම, සුදුමැණිකේද නිවසින් එළියට පැමීණ තම මවට සහ

මලණුවන්ට එක්වුවාය,

‘‘අනේ, අනේ ගෑණු ළමයා අම්මා දැක්ක ගමන් ඔය ගෙදර දුහන්ඩ හදන්නේ, ඉස්කෝලෙන්

දුන්න ගෙදර වැඩ ඉවර කරන්නේ මමද? අපුරුයි සිහි කල්පනාව! යනවා, යනවා.  ගිහිල්ලා

පොත් බෑග් එක අරගන එනවා."

ලැජ්ජාව මුසු සිනහවකින් මුව සරසාගත් සුදුමැණිකේ නැවතත් නිවස තුළට යන්නට දොර

අසලට යන විට, පද්මලතා ආදරබර හඬකින් දැරිය ඇමතුවාය

‘‘ ඉරේෂා... අර ෆ්‍රිජ් එකේ තියන කේක් කෑල්ලත් අරගන ගිහිල්ලා මල්ලි එක්ක කන්න පුතේ."

පොත් බෑගය රැගත් දියණියද කැටුව මගට පිවිසි සිරිමාවතී, මල්ල තුළින් ගත් ගල්සියඹලා ගොට්ට

ඇයට පිරිනැමුවාය. තිදෙනා වැලි පාරදිගේ නිවසට පියමනින අතර

උක්කුං කටහඬ අවදි කලේය.

‘‘අක්කේ, සපත්තු කඩේ ලස්සන සෙරෙප්පු ජාතියක් තියනවා.  අම්මා මට දෙකක් අරගන

දෙනවා කියුවා."

‘‘එහෙනං මටත් ඕන."

‘‘සුදුමැණිකට කුට්ටං දෙක තුනක්ම තියෙන්නේ. මල්ලිට නෑනේ."

‘‘ඒ අම්මා අරන් දුන්න ඒවයැ? ටීචර් අරන් දුන්න ඒවනේ!"

‘‘ පොල් අතු ටික විකුණලා ඔයාටත් අරගන දෙන්නං."

‘‘මෙයාට නාවන මගුලකුත් ගත්තා. මටත් ඒකක් තිබ්බනං හොඳට තෑගි ලැබෙයි!"

සිරිමාවති සහ සුදුමැණිකේ කොක් හඬලා සිනාසෙන විට, ඒ ඇයිදැයි තේරුම් ගැනිමට

බැරිව අසරණවූ උක්කුං, තම සොහොයුරිට මිට මොලවා පහරක් ගැසුවේය.

‘‘මොකද බතලියේ හිනාවෙන්නේ?"

‘‘ඌයි ....! රිදෙනව මැට්ටෝ! කොල්ලන්ට කොහෙද කොටහළු මගුල් ගන්නේ?"

කුමක් හෝ තමන්ට වැරදී ඇති බව තේරුම්ගත් උක්කුං, ලැජ්ජාවෙන් කරබාගෙන, කඩුල්ල

පැන ගෙවත්තට පිවිස, ගෙයි ගොම මැටි ගෑ එළිපත්තේ හිඳගත්තේය . ඒ අසලින්ම

හිඳගත් සුදුමැණිකා, තම පාසල් බෑගය ඇර, කේක් කෑල්ල ගෙන දෙකට කඩා, ලොකු කැබැල්ල

මලයන්ඩියට දුන්නාය.

අත් බෑගය සහ එළවළු මල්ල බිම තැබු සිරිමාවති, දොර හැර මල්ල තුළ තිබු යමක්

ගෙන උක්කුං වෙතට පෑවාය,

‘‘ආ මයේ පුතේ."

පුදුමයෙන් පුදුමයට පත්ව ප්‍රීතියෙන් පිනාගිය උක්කුං, තොරතෝංචියක් නැතිව

කියවන්නට ගත්තේය.

‘‘පටි සෙරෙප්පු දෙකක්! අම්මා කොයිවෙලේද අම්මේ මේක ගත්තේ?  මම දැක්කෙක්වත්

නැනේ.  මම ගන්ඩ හිටියේ නිල් පාට එකක්. කළුපාටත් හොදයි, මම අර ඉස්කෝල

සපත්තු බල බලා ඉන්න කොටද අම්මා මේක ගත්තේ? අපරාදේ මට කියන්ඩයි තිබ්බේ. තව

මීටත් වඩා හොද එව්වා තිබ්බද දන්නෑ."

මුහුණ හකුළුවා, කට ඇදකරගත් සුදු මැණිකේ.

‘‘අප්පෝ! මේකද මෙයා මෙච්චර අගේ කරපු සෙරෙප්පු දෙක?"

උක්කුං සෙරෙප්පු දෙක අතගාමීන්, ලස්සන බලමින්, නහයට ළං කර, නැවුම් රබර්සුවද

උරමින්  ඉන්නවා දකින සිරිමාවතීගේ සිතට නැගෙන ලැජ්ජාශීලී , වරදකාරී හෑගීම දෙතොලට

නැගෙන බයාදු සිනහවෙන් පිළිබිඹු වෙයි. උක්කුං බිම හිඳගෙන සෙරෙප්පු දෙක දෙපයට අදින්නට

පටන් ගන්නා විට, තම දරු දෙදෙනාට මුහුණ දීමට අපහසු තාවයක් දැනුණ බැවින් ඇය ගේ තුළට

යන්නට හැරුණා පමණි.

‘‘හොඳ වැඩේ ....පංඩිතයට හොඳ වැඩේ! අම්මා අරගන ඇවිත් තියෙන්නේ එකම පැත්තේ

සෙරෙප්පු දෙකක්! "

එකවරම පසුපසට හැරුණ සිරිමාවතී, දුටු දෙයින් හිසට අකූණක් වැදුණා මෙන්

ගල්ගැසි ගියාය. තම දෙපා වලට අන්දන ලද සෙරෙප්පු දෙක දිහා කඳුළු පිරි

දෙනෙතින් බලා සිටින උක්කුංව දකින සිරිමාවතීට, "....අනේ මාව මැරිලවත් යන්නේ

නැනේ!" යැයි සිතිණ.

‘‘අම්මේ අපි දැම්ම ගිහිල්ලා මේක මාරු කරගන එමුද ?"

‘‘ඕක ආයේ මාරු කරන්න බැ රත්තරනේ. මම උඹට වෙන දෙකක් අරගන දෙන්නං පස්සේ."

උක්කුං ලගින් බිම දණ ඔබා ගත් සිරිමාවතී මහත් ආදරයෙන් තම පුතු තුරුලට ගෙන

හිස සිමිබාය. හඬක් නොනැගුනද දෙදෙනාම කදුළු වගුරුවමින් හඬනවා දුටු

සුදුමැණිකා සිනා සෙමින් හඬ අවදි කළාය.

‘‘දැන් ඉතින් ඕකට ඔච්චර හොටු හූරන්ඩ ඕනද?  ඒ මොකද මාරු කරන්න බැරි?  අපි

සල්ලි දීලා ගෙනාපු ගමන්නේ! එයාල දැන ගන්න එපැය මාරු කරන් නැතුව අපිට

හරියට බඩු දෙන්න."

‘‘සේල් දාපුවා හන්දා ආයේ මාරු කරන්න බෑ කියුවා දරුවෝ."

‘‘අනේ මන්දා අම්මට තේරෙන්නේ නැති හැටියක්! එහෙම කියුවට අපිට එකම කකුලට

දාන සෙරෙප්පු දෙකක් කන්ඩද අම්මේ? එයාලගේ වැ‍රැද්දනේ. එයාලා මාරු කරලා දෙන්ඩ

ඕන."

‘‘නෑ, නෑ, කොහොමටවත් ආයේ මාරු කරන් නෑ කියුවා."

‘‘අනේ අම්මේ අපි ගිහිල්ලා අහලා බලමුකෝ , අක්කවත් එක්කගෙන යං."

‘‘අනේ මට වද නොදී හිටහල්ලා දරුවනේ ."

‘‘හරිම අසාධාරණයි මේක නං!  තාත්තා ආපුවහම තාත්තත් එක්ක ගිහිල්ලා එයාලට

බැනලා මාරු ඇරගන එන්ඩයි තියෙන්නේ."

"හොදට අහපල්ලා දෙන්නම. මේ කතාව තාත්තට එහෙම කියලා තිබ්බොත් මම වහ

ටිකක් කාලා මැරෙන එක මැරෙනවාමයි. අම්මට ආදරයක් තියනවානං දෙන්නම කට

පියාගන හිටපල්ලා."

කෝපයෙන් සහ දුකින් අතිශයින්ම කලබලයට පත්ව, විරූපී මුහුණින් හඬමින්

තමන්ට තර්ජනය කරන තම මව දුටු දරුවන් දෙදෙනා , බෙහෙවින් බියට පත්ව, 'අද

අම්මට මොනවා වෙලාද මන්දා' යැයි සිතමින් පසුබා ගියහ.

කකුලේ තිබු සෙරෙප්පු දෙක ගලවා අතට ගත් උක්කුං, ඒ දෙස බලාගන කල්පනාවට

වැටුණේය. සුදු මැණිකාද කිසිත් නොකියා ගෙතුලට වැදුණාය. කුස්සියට ගිය

සිරිමාවතී සිතින් තමන්ටම ශාපකරගනිමින් එළවළු මල්ල අස්කරන්නට පටන් ගත්තාය.

ටිකකින් හිමිහිට කුස්සියට පැමීණි උක්කුං සිරිමාවතී ඇමතුවාය.

‘‘අම්මේ."

‘‘අම්මේ."

‘‘හ්ම්."

‘‘අම්මේ... මට තාත්තගේ අර රේසරේ දෙනවද?"

‘‘ඒ මොකටද, ළමයින්ට මොකටද රේසර්? ඕක කඩලා දැම්මහම තාත්තා රුවුළ කපන්නේ

මොකෙන්ද?"

‘‘අළුත් එක නෙමෙයි අනේ. අර වහලේ පොල් අතු අස්සේ ගහලා තියන පරණ එක."

සිරිමාවතී හිඳගෙන උන් හිරමනය මතින් නැගිට විත්, පොල් අතු වහලයෙන්

රේසරය රැගෙන උක්කුංට දුන්නාය.

‘‘අත එහෙම කපා ගන්නෑ, හරිද? මොනවද උඹ දැන් කරන්ඩ යන්නේ?"

‘‘වැඩක්.  කරහම බලන්ඩකෝ."

උක්කුං සිරිමාවතීට ලස්සන සිනහවකින් සංග්‍රහ කර එළියට දිව්වේය.

"පව් මගේ අසරණ දරු පැටව් දෙන්නා!"  සිරිමාවතී තමාටම කියා ගනිමින්

කුස්සියට ගියාය. හාල් ගරා රෑ පතට ලිප තැබූ ඈ, හාල් මැස්සන් ටිකක් මැටි

කෝප්පයට දමාගෙන කුස්සියේ උළු අස්ස යටින් හිඳගෙන, කඩන, කඩන හාල් මැස්සන්

ඔළුව බළලාට විසිකලාය.

‘‘අම්මේ මල්ලී මගේ නූල් ඉදිකටුකකක තියන පෙට්ටිය අරගත්තා."

‘‘මල්ලි ආයේ දෙයි දරුවෝ. ඔන්න ඔහේ දෙන්ඩ."

‘‘මගේ එව්වා ඔක්කොම ගන්නවා.  කිසි දෙයක් තියාගන්න නෑ."

තවත් මොන මොනවාදෝ මුණු මුණු ගාමින් සුදු මැණිකා ආපසු ගේ තුළට පිය මැන්නාය.

කුස්සියේ වැඩ කරමින් හෝරාවක් එකහමාරක් ගතවන විට, ටිකෙන් ටික සිරිමාවතී ගේ

මනස ප්‍රකෘති තත්වයට පත් වූවාය. වියා ඇති පොල් අතු ගොඩට තව පොල් අතු හාර

සීයක්වත් එකතු කර ලොරියක් පිරෙන්නටම පොල් අතු රැස්කර වැඩි මුදලකට විකුණා

දරු දෙදෙනාටම සෙරෙප්පු රැගෙන දෙනවායයි සිහින දකිමින් සිටි සිරිමාවති,

සිහින ලොවින් එක් වරම පිබිදුණේ, එළිපත්තේ සිට සුදු මැණිකා කෑ ගසන හඬිනි.

‘‘අම්මේ, මෙන්න බලන්න මල්ලී කරලා තියන වැඩේ!"

'ඒ පාර මුන් දෙන්නා මොන ජල්ලියක් නටලද දන්නෑ," යැයි හිතමින් හනිකට එළියට

දිවගිය සිරිමාවති දුටු දෙයින් විස්මයට පත්වුවාය.   සුදු මැණිකා අමුතු

සතෙක් දැක්කාක් මෙන් උක්කුංගේ කකුල් දෙස බලාහිදී . අර සෙරෙප්පු දෙක පය

ලාගත් කොලුවා, ආඩම්බර ලීලාවෙන් ඉනට අත්දෙක තබාගන අක්කණ්ඩිය සමග සිනාසේ.

සෙරෙප්පු දෙකේ පෙර මෙන් කිසිදු වරදක් පෙනෙන්නට නොමැත. කකුල් දෙකටම ගානට මිම්මට

තිබේ.

‘‘කොහොමද මල්ලී ඔයා සෙරෙප්පු දෙක හරිගැස්සුවේ?"

‘‘මම ඉතින් මැට්ටනේ. කියා දෙන්නෙම නෑ."

‘‘අපෝ අහ ගෙන ඉගන ගන්ඩම වැඩේ!"

‘‘මොකක්ද උක්කුං පුතේ සෙරෙප්පු දෙකට කෙරුවේ?"

සෙරෙප්පු දෙක ගලවා අතට ගත් උක්කුං, බැරෑරුම් පෙනුමක් ආරුඪ කරගන, පියවරෙන්

පියවර, තමන්කළ වික්‍රමය විස්තර කරන්නට පටන් ගත්තේය.

‘‘හොඳට තියන සෙරෙප්පුවට මම මොකුත් කළේ නෑ.  දාන්න බැරි එක විතරයි හැදුවේ. මේ බලන්ඩ

සෙරෙප්පුවේ අඩිය උඩයි, යටයි වෙනසක් නෑ. දෙපැත්තෙම එකම විදිහට

කට්ට තියෙන්නේ.. මම පටිය තියන තැනින් කපලා පටි හතර කරකවලා

අනිත් පැත්තට ගත්තා. එතකොට නිකම්ම අපිට ඕන පැත්තට සෙරෙප්පුව හැරෙනවා,

ජරස් බරස් කෑලි ටිකයි, නම ගහපු හම් කෑල්ලයි ගලවලා හරි විදිහට මැහුවා, කාටවත්

බෑ දැන් හොයන්ඩ හැදුවා කියලා."

‘‘උඹත් තාත්තා වාගේම හපනෙක් මයේ පුතේ.  මයේ රත්තරන, කවදාවත් අනුන්ගේ දෙයක් නොකියා ගන්ඩ එපා."


බ්ලොග් අවකාශයේ මිතුරෝ කෙටිකතා තරගයෙන් දෙවැනි ස්ථානය ලැබූ ''පටි සෙරෙප්පු''

2012-08-31

නඩුකාරතූමියගේ ‍අඹ සාත්තූව


කොළඹට ආසන්න උසාවියක දැනට කාලයකට කලින් හිටියා නඩුකාර නෝනා කනෙක් , බොහොම සැරපරුෂයි , කාටවත් ගැලවිලා යන්න අමාරුයි.

 පොලිස් නිළධාරින් , බන්ධනාගාර නිළධාරින් එහෙම බොහොම ප්‍රවේසමෙන් තමයි ඒ මහත්මියත් සමග කටයුතූ කලේ. රාජ්‍ය නිළධාරින්ට උනත් එහෙම තමයි.

කාටවත් අසාධාරනයක් නොවෙන්න කටයුතූ කලා. වරදකරුවන්ට උපරිම දඩුවම් දුන්නා.

කාන්තා පාර්ශවය සම්බන්ධ නඩුවලදි ඒ කාන්තාවන්ට සාදාරණය ඉෂ්ඨකරලා දෙන්න එහෙම උනන්දුවෙන් කටයුතූ කලා.

නිළධාරින් ප්‍රමාණවත් නොවීම , වාහන නොමැති වීම වගේ ප්‍රශ්න හන්දා සමහරක් බන්ධනාගාරවල ක්‍රීයාත්මක කරන ක්‍රමයක් තියනවා,  ලොකප් එකක් තියන උසාවී වලට කලින් දවසේ හවස්  වරුවේ සැකකරුවන් බාරදලා එන ක්‍රමයක්.

අන්න ඒ රාජකාරියට ගිය බන්ධනාගාර නිළධාරියෙකූට වෙච්ච කරදරයක් තමයි මේ.

හවසට උසාවි යන නිළධාරින් නිළ ඇදුම් නොඇද යන සිරිතකූත් ඒ කාලයේ තිබුනා. මේ කියන දවසේ කතාවට අදාල නිළධාරියා කාකී කලිසමක් ඇදලා සෙරෙප්පු දෙකක් දාගන ෂර්ට් එකක් උඩින් දාගන සැකකරුවන් රැගෙන උසාවි ගියාලු.

අනිත් කට්ටියට ඇතූලට ගිහිල්ලා ආපු වැඩේ කරගන එන්ඩ කියලා මිනිහා පොල්ලකූත් හොයාගන ඇවිල්ලා උසාවිය මිදුලේ තිබුන රට අඹ ගහට පොලු ගහන්ඩ ගත්තාලු.

දැන් යාන්තන් පොලු ගහලා ගහලා ගෙඩි දෙකක් කඩාගත්ත පොර තව හොද වල්ලකට ට්‍රයි එකක් දෙනවාලු.

" මේ මේ තමුන් අහවල් බන්ධනාගාරයේ නිළධාරියෙක් නේද "

මළ හුට්ටප්පරයයි අපේ නඩුකාරනෝනා අවෙළාවේ උසාවී නිරික්ෂන චාරිකාවක් ඇවිත් , ටී පණස් හයක් ගත්ත ආරක්ෂක පොලිස් නිළධාරියත් එක්ක බන්ධනාගාර නිළධාරියාගේ පිටිපස්සේ.

තොල කට වේලිලා කක්කාබර හැදිච්ච බන්ධනාගාර නිළධාරියා අතේ තිබීච්ච පොල්ල පැත්තකට දාලා වෙව්ල වෙව්ළා 

" ඕ..ව්  මැ.. මැ ..ඩම් ''

2012-08-27

එකසිය තිහක්වත් ඒකක දෙනු මාමේ


හිච්චි එකා කාලේ මං ලොකු                 මාමේ
නහය දිග මාම අපේ මාමලු                  මාමේ
අහල පහල නැන්දල මාමල                   මා‍මේ
හෙට හොද වෙනව කියනව ඇහුනා      මාමේ

ඒ මාමට පස්සේ ආවනේ                      මාමේ
අර මාමාගේ පොඩි මාමා අපේ            මාමේ
පුළුටු ගදයි හැම පැත්තෙම බුදු              මාමේ
කියන්නැතුව එයා ගියේ ඇයි               මාමේ

පූරුවෙ පිනේ අරුමය පෙන්නල           මාමේ
සුදුසීයා මාම උනා ලොකු                     මාමේ
පතොල වල රහ මතකද සුදු                  මාමේ
උන්දැව මතකයේ වත් නැ බුදු              මාමේ

නැන්දෙක් ආව ගම රට පෙරලං           මාමේ
කරපු හරිය අමතක නැ අපේ               මාමේ
මාමා පැන්නේ නැත්තං මැද්දට           මාමේ
මෙවා කියන්නට මම නැ අපේ            මාමේ

ගණකම් රැවුලේ ලස්සන දැක්කම      මාමේ
මාමා කියපු එව්වා ඇහුවම                 මාමේ
ගැලවුම් කාරයා ඇවිල්ල අපේ           මාමේ
මාමා අපිට අපි මාමට බුදු                  මාමේ

චූන් වෙච්ච පාරට අපි ලොකු             මාමේ
දෙවරක් නොහිත දුන්නා ඡන්දය        මාමේ
ලොක්ක වෙච්ච දවසේ ඉදලා             මාමේ
කරපු දෙයක් පෙන්නාපං සුදු              මාමේ

2012-08-21

ලල්ලයි පූසී පැටියයි



ඔන්න ඉතින් ලල්ලා අර අපේ තාත්තගේ ජොකාට වැඩේ දුන්න දවස්වලම කොරපු හපන්කොමක්  තමයි මේකත්, අපේ ආතා රස්සාව කරලා තියෙන්නේ රජයේ වැඩ දෙපාර්තමේන්තූවෙනේ,දැන් ඉතින් අහපල්ලා මොකක්ද ඒකියලා.

(ඉස්සර රජයේ වැඩ දෙපාර්තමේන්තූවෙන් තමයි රටපුරාම තියන රජයේ ඉදිකිරිම් වැඩ කොරලා තියෙන්නේ.ඒ දෙපාර්තමේන්තූවේ ප්‍රධාන කර්මාන්තශාලාව තමයි දැන් ඔය රජයේ කර්මාන්ත ශාලාව කියලා කොලොන්නාව තෙල් බෙදාහැරිමේ මධ්‍යස්ථානය ඉස්සරහා තියෙන්නේ)

අපේ ආතා ඔය වැඩබිමකින් අරගනආපු පාවිච්චි කරපු ලොකු රේසර්රෝද (රෝලර් බෙයාරින්ග්) හතරක් , 2*2 පොලු කෑලී දෙකකට ගහලා, ඒ රෝදවලට පොඩි ලෑලී තට්ටුවකූත් ගහලා, ‍රෝද තියන එක පොලු කෑල්ලකට දිග සිහින් පොල්ලක් ගහලා , රෝද හරවන්ඩත් පුළුවන් විදිහට කරත්තයක් හදලා දීලා තිබුනලූ.

ළමයින්ට සෙල්ලම් බඩු කියලා ජාතියක් නැති  අනිත් ළමයි පොල්කොට කරත්ත පදින කාලේ ඒ වාගේ භාංඩයක් තියනවා කියන්නේ පට්ටම සීන් එකක් තමයි.

අපේ ලල්ලා ඉතින් ඔය අටමගලත් එක්ක තමයිලු මුළු දවස තිස්සෙම කාලය ගත කොරන්නේ.කට්ටිය ටොකු අනින හන්දා නොකර හිටියට බුදියන පැදුරට හරි අරගන යන තරමට ලල්ලට මේ කරත්තය නැතූව බැරි බඩ්ඩක් බවට පත් උනාලු.

ඔහොම ඉන්න අතරේ දවසක් පූස් පැටියෙකුත් කොහෙන්දෝ මන්දා කරත්තයට පටවාගන ලල්ලා ගෙදර ආවාලු.

2012-08-08

ලේ මල්ලට බඩු මල්ලක් ඉහලන්නට ලොකු කුඩයක්


 

දැනට අවුරුදු ගානකට කලින් දවසක ,පොද වැස්සක කෝච්චියේ වැඩට යනවා, කෝච්චියෙදි නොතෙමුනාට ස්ටේසමෙන් බැහැලා වැඩකරපු තැනට යන කොට ටිකක් විතර තෙමීලා.සුපුරුදු ලෙසම ලොක්කා තාම ඇවිත් නෑ.මගේ සහෝදර සේවකයාත් මම වගේම තෙමිලා.

!! ෂික් බලහන්කො අපිට එන්ඩ කියලා ලොක්කා තාම නැ,තෙමුනා මදිවට මේ අගූපිලට වෙලා හිරිකඩ කන්ඩත් එපැය දැන් !!

!! බැරි වෙලා හරි අපි පරක්කූ උනොත් තමා ගිරිය පුප්පගෙන කෑ ගහන්නේ !!

!! දැන් ඇවිල්ලා බයිලා ගොඩක් ගහයි !!

ඔහොම ලොක්කගේ පතුරු ඇර ඇර අපි දෙන්නා ඉන්න කොට එතනට ආවා බජාර් එකේ කකූලක්

!! ආ මල්ලිලා මොක්කද හීතලද , කාලා බීලා පුල් පිට් එකේ බෝල ගෙඩි දෙක වගේ ඉන්න එකේ නරකද ලේ ඩිංගක් දීලා පින් ඩිංගක් ගත්තනං යන තැනක් ඒකාලෝක වෙන්ඩ කියලා , නිකන්ද පෙරිය සයිස් පට්ට කූඩයකූත් දෙනවා බඩු මල්ලක් එක්කම , බෙරලියන්තූ මිසීලා පන්තියක් කට්ට ගහන්නෙ !!

(අනේ මුගේ අම්මට අපිනේ දන්නේ අපි කන හැටි)

!! කොහෙද අයියේ කූඩයක් දෙන්නේ !!

!! අයියෝ මල්ලි ඩේලි බජාර් බහිනවටත් ණයයිනේ , දන්නැද්ද වේළද සංගමේ දන්ෂැල , ලේ මල්ලට බඩු මල්ලක් ,මේ තියෙන්නේ ආතල් කූඩ පොඩ්ඩ !!

!! කො අයියේ බඩු මල්ල !!

!! පිටි පැකට් ,හාල් ,සීනි, පරිප්පු  දහයේ බෑක් එකක් කපලා !!

!! කෝ ඉතින් මල්ල !!

!! චැ චැ මල්ලි බණ කියුවහම සුත්තරේත් අහනවනේ, පොඩි ගානකට තට්ටු කරලා සෙන්ටි මෙන්ටල් වෙන්ඩයි යන්නේ !!

!! මේ උදේ පාන්දර !!

උත්තරයක් නොදීම කහපාට රතූපාට කූඩයත් ඉහලගෙන අයියා මාරු

!! අටමෝ අපිත් යමං, කූඩේම වටිනවා බර ගානක් !!

!! පිස්සුද බං ලොක්කා ඇවිත් ලබ්බ පොලවේ ගහගන කෑගහයි , ආවට පස්සේ කියලා යමං !!

ආවට පස්සේ යන තෑන මේ තියෙන්නේ කියලා යාළුවා ඇගිලි දෙකක් එකතු කරලා ඔක්කොටම මුල් වෙච්ච එක ලස්සනට මවලා පෙන්නූවා

ලොක්කා ආවට පස්සේ හිමිහිට ලොක්කට කිට්ටු කරපු යාළුවා

!! බොස්... හුගදවසකින් මට ලේ දෙන්ඩ බැරි උනා ගිහිල්ලා එන්නං !!

!! දැන් ලේ බැංකූ යන්ඩ පිස්සුද !!

!! නෑ බොස් වෙළද සංගමයෙන් කරන්නේ , රණවිරුවන්ට සෙත් පතලා රණවිරැවන්ටම ලේ දන්දීමක්, එහා ලේන් එකේ තියෙන්නේ !! 

මුළු රටම දන්න පින්කම අපි නොදන්නේ මොකද දන්නවද අපේ ලොක්කා ගාණකට තට්ටු වෙන හන්දා ඒ වෙළද සංගමයට නොබැදීම

!! ආ ගිහිල්ලා එනවා !!

!! බොස් මමත් යන්නං !!

!! ඔක්කොම ගියහම මෙතන කව්රුවත් නෑනේ !!

!! මරු කූඩයක් දෙනවලු බඩු මල්ලක් එක්ක . දවල් වෙන කොට ඉවර වෙයි !!

2012-08-05

බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ


අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ උන්දෑ ඔක්කොම දන්නවා කියලා.  ඒ උනාට නොදන්න මනුස්සයෙක්ට උනත් වචනයක් දෙකක් කතා කරහම තේරෙනවා මෝඩ ගෑණියෙක් කියලා. ඒ මනුස්සයත් එක්ක කතා කරහම අපේ ලේ රත්වෙනවා විතරයි, මේ කියන එක මේ නෑ කියනවා, එක එක තැන්වල එකක කියලා කොටවනවා,  මහ ලොකු පම්පෝරි ගගහ ගමවටේ ඇවිදින එක තමයි උන්දැගේ රස්සාව

දැන් ටික දවසකට කලින් වැඩකට නැති වැඩකට හෙණ සල්ලි ගොඩක් පොලීයට අරගන (ඒ මෝඩකම කරන්ඩ එපා කියලා උන්දැව දැනුවත් කරන්ඩ ගිහිල්ලා මමත් හොදට අහගත්ත නිසා මමත් ඒඋන්දැත් එක්ක කතා නොකර හිටියේ) ගෙවා ගන්ඩ බැරුව අන්ත අසරණ තත්වයකට පත්වෙච්ච මේ මනුස්සයට ඒක දිගට කරදර ගොඩක් සිද්ධ උනා. හැබැයි ඒ  හැම කරදරයක්ම එයාම විහින් දාගත්ත ලෙඩ නිසා අන්තිමට දරුවන්ටත් උන්දැව එපා උනා. ( ඇත්තටම උන්දෑ දරුවන්ට හරියට වදදෙනවා)  අන්තිමට කව්රුවත් උන්දැව ගනන් නොගන්න . හොයානොබලන තත්වයට විහින් පත්උනා. පව් ඉතින්.....


මේ ලගකදි දවසක ඒ ගෙදර පැත්තේ හෙන සද්දයක්, මොකක්ද කලබලය කියලා බලන්ඩ මමත් ඒ පැත්තට ගෑටුවා. ඒ මහ උන්දැව ගෙදර කට්ටියම එකතූවෙලා අල්ලගන ඉන්නවා, මහ උන්දැ අතපය දරදඩු කොරගන පිස්සු කියවනවා, ටික වේලාවක් සීන් එක රසවිදපු මං


!! ඇයි ඇයි මොකද වෙලා තියෙන්නේ !!


!! බලන්ඩකෝ අයියේ අම්මා බත්කකා ඉදලා එකපාරටම වැටුන දැන් හරියට සිහියක් පතක් නෑ !!


( මෙන්න යකෝ සිහියක් පතක් නැති ගෑණි හොර  ඇහිං මා දිහා බලනවා )


2012-07-25

දෙන්නැ එකෙකූට රුපියලක්


උදේ ඉදන් හදන්ඩ ආපු මෙෂින් ටික හදලා ඉවර කරපු මම පාරේ යන කිරිටොයියා බයික් වලට හූල්ල හූල්ල ඉන්න කොට වෙච්ච සින් එකක් තමයි මේ

අපේ ගොඩනැගිල්ලට අල්ලපු බැංකූවට ආපු කාර් වලට අංකල් කෙනෙක් අසරණ හිනාවක් දාගන අත පොවනවා

මොකවත් ලැබෙන පාටකූත් නැ

ඒත් අංකල් කාරයගේ හිනාවේ

කොන්ද නැමිල්ලේ

වැදිල්ලේ අඩුවකූත් නැ

ලැබෙන බම්බුවකුත් නෑ

ඔන්න දැන් අටම්පහුරගේ හිතට දැනෙන්ඩ ගත්තා ධනපති පංතිය ගැන වෛයිරයක්

අංකල් ගැන දුකකූත් එක්ක

පව් අංකල්ට දෙන්ඩ ඕන සල්ලි කීයක් හරි කියලා අටම්පහුරට හිතුනා

හිතූනට කො දෙන්ඩ සල්ලි ආයෙත් හිතුනා

සිකරට් බොන්ඩ තියාගත්ත රුපියල් 100 දෙනවා

අටම්පහුරට ආයෙත් හිතූනා

හවසට ගෙදර ගිහින් අටම්පවුලට කියපුවහම 

!! ලොකු දෝණි මෙන්න අද තාත්තී චෝයි වැඩක් කරලා !!

කියලා අටම්පවුල කියනවා මැවිලා පෙනුනා

ලබන ආත්මේ පොහොසත් වෙලා

ඊලග ආත්මේ නිවන් යන්ඩ හිතාගන 

ගෙඩි රුපියල් 100 ගූලිකරගත්තා අල්ලට

2012-07-21

දරුවො නෙමෙයි තොපි ---


මම මෙ කියන අයියයි මල්ලියි ,මමයි අපේ මල්ලියි වාගේ නෙමෙයි හරිම සමගියි.දෙන්නගේ දුකට දෙන්නා පිහිට වෙන ඩබලක්

පිට මිනිස්සුන්ට උනත් එහෙම තමයි ,හැම වේළාවකම කාටහරි උදව් කරන්ඩ බලාගන ඉන්නේ

ඒකටත් එක්ක උන්ගේ තාත්තා, මෑන් හොද තාත්තෙක් නෙමෙයි

(මම මේ දැනුත් කල්පනා කලේ එ මනුස්සයාගේ එක හොද ගති ගුණයක් තියනවද කියලා)

තාත්තගේ හැටි කොච්චරද කියනවා නං උන්ට ඉගන ගන්ඩ පොත පත අරගන දීලා තියෙන්නේ නෑදෑයෝ 

උගත් උසස් රැකියාවක යෙදිච්ච පොරක් උනත් මිනිහාගේ කියන්ඩ තරම් හොදක් තිබුන් නැ.

ඔව්වා මෙව්වා හන්දා ඒ අයියා මලෝ දෙන්නාගේ එච්චර කැමැත්තක් නැ තාත්තාට

තාත්තට, අම්මට අයියා මලෝ දෙන්නම හොදින් සැලකුවා උනත්  තාත්තාව බයිට් එකට ගන්න ගතියක් තිබුණා

තාත්තා වයසට ගියා උනත් දරැවන්ට වධදෙන එක තවම නවත්තලා නැ.දෙකක්  දා ගත්ත දවසට වසලා හමාරයි , නොබිව්වා කියලත් මහලොකු වෙනසක් නැ.

තාත්තා එක්ක වලි දාගන්නවට නොදන්න මිනිස්සු ඒ දරැවන්ට බැන්නා උනත් , අපි නං කවදාවත් කොල්ලො දෙන්නට වචනයක් කියන් නැ

( වෙන කොල්ලෝ දෙන්නෙක් නං මෙලහකටත් මහ එකාගේ බෙල්ලත් කපලා) 

මාර වැඩේ කියන්නේ කොල්ලො දෙන්න මහරාළගේ කපාපු පලු දෙක උනාට මහරාළගේ  ගතිගුණ නොගිය එකනේ, හැබැයි ඒ පවුලේ එකම කෙල්ලට තාත්තගේ ගතිගුණ ඒ විදිහටම තියනවා.

2012-07-18

වස විස නැතූව mosquito repellent liquid vaporiser භාවිතා කරන ක්‍රමය


බෝම්බ වලට බයේ පාරට බහින්නැතූව හිටපු අපට බය නැතූව ගෙදර ඉන්න එකත් නැති කරලනේ තියෙන්නේ මදුරැවො.ඔය කරදරයට තියන එක හොද විසදුමක් නේ ඔය උඩින් තියෙන්නේ.ඔව්වා එකකට මම කරපු මෙව්වා එකක් ගැන තමයි අද,

අරවා බලන්ඩ ආපු කට්ටිය මෙව්වා උනානං මට මෙව්වා කරන්ඩ.


අපේ ගෙදර ඔය ගැජට් හතරක් තියනවා උනත් ධනපාලගේ ආඩම්බරකං හන්දා පාවිච්චි කරන්නේ දෙකයි.

සමහරක් දවස් වලට ලොකූ දුසිගීත්ත කලින් දොයියා ගත්තොත් එකයි.


දවසක් අපි දන්නෙම  නැතූව ගෙනත් තිබ්බ liquid refill ඉවර වෙලා තිබ්බා.මම හවස ගෙදර ආපුවහම අපේහාමිනේ


!!  ඔයත් දැක්කේ නැද්ද ලොකු  liquid බෝතලය ඉවරවෙලා අළුත් එකක් හයි කරන්ඩකො !!


කියුවත් ගෙදර බඩු තිබුන් නෑ, එදා දවසටම මට සල්ලි ලැබුනෙත් නැ.දැන් කොහොමද refill ගන්නේ


2012-07-12

කාගෙද බං මූ



මේ සිද්ධිය මට කියුවේ මාත් එක්ක කාලයක් වැඩ කරපු ජයන්ත කියලා පොරක්,  හැබෑම  දක්ෂයෙක්, අදාල රස්සාවේ පහලම තැනින් පටන් අරගන වසර හතඅටක් ඇතූලත ඉහලටම ගිය පොරක්,නිතර  සතූටින් ඉන්න කපටි බුද්ධියක් තියන මිනිහට ඉන්නේ මට වාගේම දුවලා දෙන්නෙක්.

ජයන්තලාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නවාලු ඇම්ඩන් ටයිප් කොල්ලෙක්,කොල්ලා කියුවට කොලු තාත්තෙක්.කොල්ලගේ නම ශාන්.ඒ කාලයේ පෙර පාසල් ගිය කොල්ලා උනාට කොල්ලත් එක්ක කතා කරලා දිනන්ඩ බැරිලු.දවසක් ජයන්ත උන්ගේ නැන්දම්මට කතා කරනවලු , කතා කරනවලු උන්දැට ඇහෙන්නැලු.ජයන්ත ශාන්ට කියුවලු ගිහිල්ලා උන්දැට කතා කරන්ඩ කියලා, මු ගිහිල්ලා කියනවලු මෙහෙම.

!! ආච්චියේ කන්දෙකේ හොටුද අන්න නල්ලමලේ බෑණා ගිරිය පුප්පගන කැගහනවා  උඹ මෙතන බණ පොත් පෙරලනවා !!

හිතාගන්න පුළුවන්නේ කොල්ලගේ තරම

දවසක් ඉරිදා දවාලක ආවාලු ජයන්තගේ අයියා.

 අයියාකාරයා ගෙට ගොඩ වෙන කොටම ශාන් කොල්ලා ආවාලු ඉස්සරහට.

කාගෙද බං මු කියලා ආදරේට කොල්ලගේ ඔලුව පොඩ්ඩක් අතගැවලු අයියාකාරයා.

අයියට රවල බලපු කොල්ලා දැක්කහම ජයන්තගේ ඇග හීතලවෙලා ගියාලු මූ මොනවා කියයිද කියලා.

කොහොම හරි අයියා ගෙනාපු බෝතලයත් ගහලා මදිහරියට ගෙදර තිබුන කොටයකටත් වග කියපු දෙන්නා දැන් නන්දොඩවනවලූ,

2012-07-08

අටම්පහුරාට අතවරයක්



මේ අතවරය මට සිද්ධ උනේ වසර හත අටකට කලින් දවසක මම පිටකොටුවේ ඉදන් රාගමට එන කොට,මම කවදටත් පූට්බෝඩ් යන කොල්ලා හන්දා එදත් නැග්ගා පූට්බෝඩ් එකට.

මම නැගලා හිටපු පැත්තට මරදානෙදිවත් දෙමටගොඩදිවත් ප්ලැට්පෝම් එක සෙට් උනේ නැ,වැඩිය සෙනගහිටියෙත් නැ සෙනසුරාදා දවසක් නිසා.

දෙමටගොඩ පනින කොට මට තේරුනා මම අල්ලගන හිටපු මැදපොල්ල ලග හිටගන හිටපු මහත්තයාගේ ව-ල මගේ අතේ ඇතිල්ලෙනවා. නිකන් වදිනවා ඇති කියලා හිතපු මම චුට්ටක් විතර අත පාතට ගත්තා.මෙන්න යකෝ ටික වේළාවකින් ආයෙත් වදීනවා.අල්ල ගත්තා මැද පොල්ලේ ටිකක් විතර උඩින්. මෙන්න ටිකකින් ආයෙත් ඇතිල්ලෙනවා. දැන් දැන් එන්ඩ එන්ඩ ඇතිල්ලෙන එව්වා හයිවෙලා මගේ පිටඇගිලි වලට තදට දැනෙනවා.බැලුවා මහත්තයාගේ මුහුණදිහා  , වගේවගක්නෑ උන්දෑ ඈත බලාගන ගෙදර ප්‍රශ්නද කොහෙද කල්පනා කරනවා.

ආවා කියමුකෝ හුණුපිටියටත්, මම හිටපු පැත්තේ ප්ලැට් පෝම් එකට තමයි කෝච්චිය ගැහුවේ.බහින උන්ට මමත් බිමට බැහැලා ඉඩදුන්නා.අංකලයත් පැත්තකට උනා.කොච්චිය අද්දලා ටික දුරක් යනකොට ආයෙත් අතූල්ලනවා.දැන් මට හොදටම ෂුවර් මහත්තයා මගේ අතේ ව-ල උලනවා කියලා.

2012-06-28

දුකට සැපට පද්මකාන්ත


සාන්ත      රස්සාව විදිහට කෙරැවේ ගෑණූ කට්ටිය අරාබි අරින එක. දන්න කියන ඒජන්සි වලට ගෑණූකට්ටිය සෙට් කරලා මිනිහා හොද ගාණක් කපා ගත්තා.දරැ පවුල නඩත්තූ කරගන ලස්සනට හිටිය.

මිනිහාට දවසක් මගූල් ගෙදරකදි හම්බ උනා සල්ලිකාර නෝනා කෙනෙක්, මැදි වයසත් කිට්ටු කරපු ස්තීරියාවක් උනාට ලස්සන කඩා හැලෙනවා.

 මීස්ටර් අපිට ජොයින් වෙන්ඩකො , ඔය මීඩ්ල්ඊස්ට් ඇරලා ගොඩ යන්ඩ පුළුවන්ද , අපි අරිනවා යුරෝප්, ඔයා අපිට එක වැඩක් සෙට් කරොත් ලැබෙන ගාණ ඔයාට මීඩ්ල්ඊස්ට් වලට දහයක් යැව්වත් හොයන්ඩ බෑ.

සාන්ත ගෙදර එන ගමන්ම බැස්සා වැඩේට.මග දිගට හම්බෙන උන්ට කියුවා විස්තරය 

ලස්ස 10ට, 15ට, සෙට් කරා කොල්ලෝ කට්ටියක්
ඒ  සෙට් හොයලා දුන්නට සාන්තට ලැබුනා ලස්සයක් විතර,
ඒ සල්ලි ලැබුනට පස්සේ සාන්ත තවත් උනන්දුවෙන් කට්ටිය හෙව්වා

දැන් සාන්තට වෙන වැඩක් නැ, උදේ  ඉදන් රෑ වෙනකන් කට්ටිය හොයනවා.ඔය විදිහට සාන්ත මීනිස්සු 100කටත් වඩා එකතුකලා

2012-06-21

අටම්පහුරා කක්කා හෝදන හැටි


ඔන්න මම කක්කා හෝදපු හැටි කියන්ඩ තනන්නේ.කක්ක කතන්දර අහන්ඩ කැමැති කට්ටිය බලන්ඩ.  අකමැති කට්ටිය ..........................

අකමැති කට්ටියත් කැමතිනම්........... ඒත්  බලන්ඩ

මේ කියන කාලයේ මට වයස තුනක් විතර ඇති . මම ආච්චිලෑ ගෙද‍ර ගිහිල්ල හිටියේ , අප්පේ    ... ඒ ගෙද‍ර මගේ කක්කා හෝදන්ඩ  කට්ටිය ඕන තරම් හිටිය . ආච්චි අම්ම ,පුංචිලා ,මාමල ,අක්කලා ,අහලපහල කට්ටිය, ගෙදෙට්ට එන කට්ටිය,

 තරගෙටවගේ මගේ කක්කා හේදුවා. මම එයාලට තෑගී දුන්නෙත් නැ .

  අනේ මන්ද මොකද කියල ,   සමහරක්ව්ට මම අලුත් පරම පරම්පරාවේ පළවෙනි කොල්ල හින්ද වෙන්ඩඇති .

මොන නසරානි වැඩේ කලත් මට කටපුර  ලොකුපුතා ,ලොක්කා,ලොකුඑකා ,ලොකුකොල්ල , කියල අදටත් මට ඔය කට්ටිය   කතා කරන්නේ ඒකනේ.

කොහොමත් ඉතින් තාත්තාගේ නෑදෑයන්ටවඩා අම්මලාගේ නෑදෑයෝ දරුවන්ට බලනවා ,සලකනවා,                                                            
කොහෙත් ඉතින් ඔය කතන්දරය ඔහොමතමා.

මේ කියන දවසේ ගෙදරහිටියේ මම සහ අපේ ලොකුමාමා විතරයි ,ලොකුමාම හෙනවස පොරක් හැමවෙලාවකම මලපැනල ඉන්නේ, අපි මාර බයයි පොරට .( දැන් හොදටම නිමිල )

2012-06-16

කොමාගේ පළමු අහවල් මෙව්වා එක

කොමා කියනනේ අපිට වඩා වැඩිමාල් ගැන්සියක  හිටපු අහිංසකයෙක්. ඌගේ අතපය වැඩිලා උස්මහත් උනාට මොළය හරියට හැදුන්නෑ.පොඩ්ඩක් මොංගල් ඩයල් එකක්,

ඒ පැත්තේ උන්නා කාත්කව්රුවත් නැති  අහිංසක අක්කා කෙනෙක්. දරුවොත් හදාගන තනීයම ජීවත් උනේ, උන්දෑ ලලක්කා කෙනෙක්, හැබැයි රස්සාව කාටවත් කරදරයක් නැතූව කලා.අර ඕනයාලගේ මංජුයි , ඇන්ටීෆා එකයි වගේ හැමෝටම  ---ඩ --නෑ.

එයාගේ සේවාව ලබා ගැනීමට හැකිඋනේ මෙන්න මේ කට්ටියට විතරයි.


ගොඩක් දුර ගමකීන්  රස්සාවට පැමීණි අය


බිරිද අතහැර ගිය අය


කාත්කව්රුවත් නැති අය


ඔතනින් එහාට ලලක්කා කවදාවත් ගියේ නැ, කාවහරි තෝරාගත්තට පස්සේ මෑන්ට පුළුවන් ඒ ගෙදර නවතීන්ඩ, කෑම බිම සහ ලෑම සමග ලොන්ඩරී පහසුකම්, ඇතූළු සීයලුදේ ලැබුනා.ගාස්තූව වශයෙන් හවසට ලලක්කටයි දරුවන්ටයි කන්ඩ හාල් පොල් ටිකක් ගෙනාපුවහම  හොදටම ඇති.

ඔය අතරේ ඒ පැත්තේ හිටපු සමහරක් පොරවල් ගේ වටෙ කැරකූනාට ලලක්කා නෙමෙයි පැත්තවත් බැලුවේ.

2012-06-11

සර් කොහෙට හරි ගෙනිහිල්ලා මාව මරලා දාන්ඩ





මගේ පරණ කතන්දර කියවපු කට්ටියට මතක ඇති මයේ හිතේ සර්ලට මොකටද කසිප්පු

 කතන්දරෙ අයිසෙ අංකල්ව, කලින් දවසෙ  මිනිහා කසිප්පු පොට් දෙකකදිම ip මහත්තයට  මාට්ටු වෙලත්  කට හින්දා බේරිලා ගියානේ .

හැබැයි එදා ip මහත්තයා බෙල්ල අතඇරියේ 

''තො ආයේ මට අහුවෙන්ඩ එපා නාකී  -කා''

කියලා ආදරෙන් අවවාද කරලනේ.ටික දවසකට පස්සේ දවසක අයිසේ අංකල් ගියා කසිප්පු බොන්ඩ කියලා තවත් තැනකට. ඉස්සර ගෙදර මිදුලෙම බිස්නස් එක කෙරුවට ip මහත්තයා තමන්ගේ කොටහ ගන්ඩ අකමැති උන හන්දා එ දේශිය නිෂ්පාදකයා හරිම අමාරුවෙන් තැනින් තැනට ගිහිල්ලා තමයි තමන්ගේ ජීවිතය රුක ගත්තේ.(පව්නේ ඒ මහත්තයා)

එදා මැන් වැඩේ කරගන ගියේ පාළු වත්තක ,ඒ වත්තේ පාර පැත්තට ඇරෙන්ඩ අනිත් දෙපැත්තම තාප්ප ගහලා.( අනිත් ඉඩංවලට පැති හතරක් තිබුනට මේකට තූනයි , පිටිපස්සෙන්   v  හැඩයට )  ටිකක් වත්ත දිගයි , වත්තේ මුල්ල පාරට පේන්නැ.

2012-06-03

මිනිසුන්ට බල්ලා කියා බල්ලන්ට අපහාස කිරීම

මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට බයයි.

කුණුහබ්බ ලියුවොත් මටයි අපේ අම්මටයි අහවල් එක කොරනවා කියලා   කොමෙන්ටු  ගොඩක්  කොටලා තිබ්බා පහුගිය දොහක.

 ඇස් ඇම් ඇස්    එහෙමත් සැල්ටැල් එකට ඇවිත් තිබුනා . එව්වා ඇවිත් තිබුනේ සුවිඩැන් රටෙන් එන විදිහට.මම ඉතින් නුගත් බාසුන්නැහේ කෙනෙක් හන්දා එව්වා එහෙම එවන විදිහ එහෙම දන්නැ .ඒ හන්දා මට ස‍රමේ කක්කත් ගියා.

ඒ හන්දා මම තීරණය කොලා ආයේ එව්වා නොලියන්න.ඒත් හත් දෙයියනේ මම මොනවද ලියන්නේ.කූණුහබ්බ නැතූව ලියන්ඩ දෙයක් හිතන කොට තමයි මට මේ අදහස හිතට ආවේ


***  හිත හොද ගුණයහපත් බල්ලෙක් හදාගන්ඩ කැමති කටිටියට කරන්ඩ තියෙන්නේ පුංචීම පුංචී වැඩ දෙකතූනක්  ***


බල්ලෝ හිතන්නේ එයා පවුලේ සාමාජීකයෙක් කියලා එයාට ඒ විදිහට සලකන්න.( සහෝදරයෙක් ,දරුවෙක්ට වගේ ) 

ඩියුටිය හරියට කරන බල්ලා මිනිස්සුන්ව හපන්නැ, මිනී කන බල්ලන්ට වඩා ආරක්ෂාවක් අපිට ලැබෙනවා අහිංසක බල්ලන්ගෙන් බල්ලව බලේන් සැර වස බල්ලෙක් කරන්ඩ එපා.

බල්ලා කූඩුවට දාන්ඩ එපා, දංවැල් වලින්  බදින්ඩ එපා,මොන විදිහකටවත් හිරිහැර කරන්ඩ එපා.

 ඔව්වා කරලා බලන්ඩ ඔයාටත් බුද්ධිමත්  බල්ලෙක්ගේ අයිතිකාරයා වෙන්ඩ පුළුවන්                                                              

 

මෙන්න මම දන්න ගුණයහපත් බල්ලන්ගෙන් කිහිප දෙනෙක්

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>